Friday, November 9, 2012

ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්න

ලිංගික නිදහසක් අපිට ඕනි
ලිංගික විප්ලවයක් අපි අරඹමු

ෂා නියමයි නේ මාතෘකාව දැක්ක ගමන් මොනවද මතක් වෙන්නේ
කෙල්ලෝ 10ක් 15ක් වට කරන් ඉන්නවා සීන් ‍පේනවා පේනවා වගේ නේද

එහෙනම් ඉතින් ලිංගික නිදහසක් ඉල්ලා ගමු

කොහොමද ආතල් එක 
නියුඩ් බීච් එකේ එක පැත්තක මල්ලි ඉන්නවා අවුරුදු 50ක විතර ඇන්ටි කෙනෙක් එක්ක
ඊට ටිකක් එහායින් අම්මා ඉන්නවා පොඩි කොල්ලෙකුත් එක්ක
නංගිට කොල්ලෝ සෙට් එකක් පෝලිමක් දාලා

ඔහ් සුන්දර හීනේ බොන්ද වෙලා ලේ ටික රත් වෙනවා වගේ නේද
දෙන්නම් තොගේ රෙප් වලට වැඩේ කියලත් දැන් හිතෙනවා ඇති

එලකිරි එකේ මේ දවස්වල ලිංගික විප්ලවයක් ගැනත් අතන මෙතන කථා වෙනවා දැක්ක නිසයි මේක දාන්න හිතුනේ

විශාල ලිංගික නිදහසක් ලැබුනොත් අන්තිමට ඉතුරු වන්නේ පහත දේවල් ටිකක් පමණි

1. නියමිත පියෙක් නැති දරුවන්
2. ලිංගික රෝග සැදුණු ජනතාවක්
3. ලමා ගැබිණියන්
4. විකෘත්තිතා ඇති දරු උපත් (ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබදතා වලින්)
5. මව පියා දූදරු සබදතා බිදුණු විකෘත් සමාජ හා ජීවන ර‍ටාවක්

තව තව දේවල් වෙනවා සේරම ලියන්න බෑ

ඇත්තටම අද සමාජයට ඕනි ලිංගික නිදහසක් නෙවෙයි ලිංගික අධ්‍යාපනයක්

ලිංගික අධ්‍යාපනයක් කිව්ව ගමන් කට්ටිය හදන්නේ කාමසූත් පොත විෂය නිර්දේෂයට ගන්න

ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික ඉරියව් විතරක් නෙවෙයි
ලිංගික සංසර්ගයෙන් සිදුවන්නේ කුමක්ද
දරු උපත් සිදුවන්නේ කොහොමද
උපත් පාලනය කරන ක්‍රම
ලිංගික රෝග සෑදෙන ආකාරය සහ ඒවායින් වැලකීම

වැනි දේවල් ගැන පුලුල් අවබෝධයක් දෙන්න ඕනි 

නිසි අධ්‍යපනයක් ලැබෙනවානම් මිනිසුන් ලිංගිකත්වය වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ

Wednesday, October 24, 2012

ගණිකා වෘත්තිය නීතිගත කරමුද




කැමති අය අත් උස්සන්න එපා
කැමති ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ කැමතියි කියලා දාලා යන්න
අකමැති අයත් අකමැතියි ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ අකමැතියි කියලා දාලා යන්න


ගණිකාව කියන්නේ කවුද ගණිකා වෘත්තිය මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ
දැන් ඉන්න මොන්ටිසෝරි වුන් පවා දන්නවා ඒ ගැන
ඇයි අපේ ඉස්කෝල වල තැන්වැනි ශික්ෂා පදේ තේරුම උගන්වනකොට කියලා දෙනවනේ
කාමයේ වරදවා හැ‍සිරීම කෙසේවෙතත් කෙලින් හිට ගන්නවත් බැරි පොඩි උන් ඉදන් දන්නවා දැන් ඒ ගැන

හරි
ගණිකා වෘත්තිය නීතිගත කලොත් ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයන් මං ලුහුඩින් කියන්නම්

1.ඉස්කෝලේදි අම්මගේ රස්සාව මොකක්ද කියා ඇහුවොත් එතකොට පොඩි උන්ට කියන්න වෙන්නේ
මගේ අම්මා රජයේ ලියාපදිංචි ගණිකාවෘත්ති‍කයෙක් කියලා
2.අධ්යාේපන සුදුසු කම් ඕනි නැති නිසා ගොඩක් කෙල්ලෝ මේ රස්සාවට යයි
එතකොට ආදරණීය බිරිද‍ පෙම්වතිය ගණිකා නිවාසයේ රාජකාරිය නිමවා ඔබ වෙත පැමිණෙන් වි‍ට ඔබට දැනෙන හැගීම කොහොම වෙයිද
3.බාර් ලයිසන් වගේ මේවටත් ලයිසන් දෙයි ඒවායින් ගොඩක් ඒවා දේසපාලුවෝ ගනී.
4.තමන්ගේ අම්මා, බිරිද, දුව, සහෝදරිය,පෙම්වතිය රගපාන වෙලද දැන්වීම් ටීවී එකේ යනකොට ඔබට දැනෙන හැගීම කොහොම වේවිද
5. දේසපාලුවෝ මැර බලය යොදා ගෙන අහිංසක ගම්වල කෙල්ලෝ මේවට ගෙනවිත් දායි
එතකොට ගමේ සරනේරිස් කොලඹ ගොන් පොට් එකට යනකොට ගමේ සිරියාවතී මොඩ් වෙලා ඉන්නවා දැකිනකොට ඇතිවන හැගීම කොහොමද
6. බාර් වලට ලයිසන් දුන්නට හොර කසිප්පු පෙරන එක අඩු වුනාද
7. අරක්කු වලට ලයිසන් දුන්නට බීලා එලවලා සිදුවන මාර්ග අනතුරු අඩුවුනාද
8. අරක්කු වලට ලයිසන් දුන්නට ඒවායින් ඇතිවන රෝගාබාධ අඩු වුනාද
9. හිතන්න ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලක් දකිනවා
ඔයා ළගට ගිහින් අහනවා නංගි කොහෙද වැඩ කියලා
එතකොට ඒකි කියනවා අයියේ මං අර අහවල් ගොන්පොට් එකේ කියලා
කොහොමද දැන් දැනෙන් ආතල් එක
එපා වෙනවා නේද

10. ගණිකාවන්ට උපදින අවජාතක ළමයි වෙනුවෙන් ළමා නිවාස හදන්න වෙයි
එත කොට ළමයි නැති පවුල් වලට පුලුවන් ඒ ළමයෙක් ගන්න

11.කොහොම ආතල් එකක් තියෙයිද තාත්තයි පුතයි ගොන් පොට් එකේදී මීට් වෙනකොට






සමාජ‍ය අගාධයට ධමන
මිනිසත්කම සාරධර්ම වනසන
මව පියා දූ දරු සබදතා බිදලන
පවලු සමගිය වනසන
මිල මුදල් වනසන
රෝගාබාධ පතුරන
ගණිකා නිවස වලට ඔබත් විරුද්ධ වන්න
යම් හෙයකින් ගණිකා නිවාස නීතිගත කරන්න උත්සහ දැරුවොත් නොබියව ඊට විරුද්ධ වන්න




සමාජ විද්යානඥයින් කියන පරිදි සමාජයේ පැවැත්ම සදහා ගණිකාවෝ ඉන්න ඕනිලු
බුදුන් දවසත් උන් හිටියා කියනවානේ
ඒකට කමක් නෑ
හොර ගොන් පොට් ටික වහන්න බැරි නම් නිකන් ඉන්න කියපන් ආණ්ඩුවට
ලියාපදිංචි ගණිකා වෘත්තියක් රටේ ඇති කරන්න ඉඩදෙන්න බෑ


ගණිකා වෘත්තිය රටින් අතුගාලා දාන්න බැරි නම් අඩුම ගානේ ඔය ඉන්න ගොන්නු ටිකට
කොන්ඩම් , උපත් පාලන ක්ර ම ගැන කියලා දෙන්න
ගණිකාවො ගාවට යන අයටයි මේ කියන්නේ
අනිවාර්යෙන්ම කොන්ඩයමක් පලදින්න



හැමවිටම මතක තියා ගන්න
ඔබගේ ලිංගික සබදතා සදාකල්ම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න

නොදත් අගණන් පුදන කම්සැප
වනයි ඒඩ්ස් වලට අත





Friday, October 12, 2012

එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

මෙහි සදහන් වන සියල්ල මාගේ පෞද්ගලික අදහස් වන අතර ඒවාට එරෙහි වීම එකග වීම සංශෝධනය කිරිම ආදී දේ සදහා අවස්ථාව ඇත

උඹලා දන්න‍වනේ සිංහල ජාතියට වෙන්න යන විනාශය
දැන් සිංහල කොල්ලේ කියන්නේ හරියට බෝනික්කෝ වගේ උන් ටිකක්
ඒකට වග කියන්න ඕනි අපේ අධ්‍යාපන ක්‍රමයද ටෙලිවිෂන්ද කියන්න මං දන්නේ නෑ
දැන් ඉන්න කොල්ලෝ දන්නේ සැලුන් එකට යන්නයි ජිම් එකට යන්නයි විතරයි
අරුන්ව ගෙඩි පිටින් ආරාබියේ කාන්තාරයකට ගිහින් දැම්මත් වැඩක් නෑ බන්
අපේ උන් හැදෙන්නේ නැතුව


මං හිතන විදිහට අද ‍කාලේ කොල්ලෙකුට මං පහත කියන ඒවායින් බහුතරයක් වත් පුලුවන් නම්
උන්ට ජීවිතේ ජය ගන්න පුලුවන්


1. අවුරුදු 20 පිරෙනකොටම ලයිසන් ගන්න ඕනි
තුවක්කු ලයිසන් නෙවෙයි බන් කාර් වෑන් තීවිල් මෝටර් සයිකල් ලයිසන්
අඩුම තරමින් හදිස්සියට ලෙඩෙක් ගෙනියන්න පුලුවන් මට්ටම ඩ්‍රයිවින් පුරුදු වෙලා තියෙන්න ඕනි.

2. වාහන ගැන අඩුම තරමින් සුලු කාර්මික දැනුමක් හෝ තියෙන්න ඕනි
ටයර් එකක් මාරු කරගන්න
Plug එක මාරු කරගන්න වගේ දේවල් වත් පුරුදු වෙලා තියෙන්න ඕන

3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
හදාගෙන කෑවා
බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්

4.සුද්දෙක් වගේ නොවුනට යම්තම් හරි කඩ්ඩ පුලුවන් වෙන්න ඕනි
කථා කරන්නම නෙවෙයි පොඩි ලියුමක් වත් තේරුම් ගන්න පුලුවන් මට්ටමට අඩුමතරමින්

5.ස්කෝලේ යන කාලේ ඉදන් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
මහා ලොකු බිස්නස් නෙවෙයි
පොඩි දෙයකින් පටන් ගනිල්ලා
ස්කෝලේ යන උන්ට පුලුවන් Film dvd , Cell phone වගේ බිස්නස් එකක් වත් කරන්න
කීය කීය හරි හොයාගත්තම බන් ඒක ගෙදරටත් උදව්වක්
දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
රස්සාවල් ඕනි තරම් බන්

6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි



හ්ම් දැනට හිතෙන විදිහට ඔච්චර
තව උඹලට හිතෙන විදිහට තව තව දාපල්ලා
සිංහල කොල්ලන්ගේ කොන්ද කඩලා බන් දැන්
හාමුදුරු වරු කියන්නේ සිල් රෙද්ද ඇදන් නවගුණ වැල ගනන් කරන්න කියලා
යකෝ නිවන් දකින්නත් අපිට රටක් ජාතියක් ඉතුරු වෙලා තියෙන්න ඕනි

Tuesday, October 9, 2012

අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්

අහිමි වුනු ආදරේට ලියමි

ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය
මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්
හීනෙන් වත් සිතුවේ නැති විදිහට 
අප ලං වුනා
ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස
ඒ දවස කෙතරම් ලස්සනද
ඔයයි මායි තනි වුන වාර අනන්තයි
ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න
මං පරිස්සම් වුනා
මං ඔයාව පරිස්සම් කලා
ඒත්...
මං මහ පොන්නයෙක්ලු
ඔයාව පරිස්සම් කරපු මං
වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
බලුපැටියෙක් හොයාගන්න එක
ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
ඔයා මේ පොන්නයව අත ඇරලා
සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා
ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ
ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්
අර සුපර්මෑන් එක්ක
රූම් ගානේ 
යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා
මං දෑහටම දැක්කා..
වේදනයි තමයි
ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා
ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා
ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා
අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්
ඒත් ඔයා....
අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා
දැන් අහන්න එපා කවුද කියලා
මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු
ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු
ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු
දෙවියෙනී
මං ගොඩක් ආදරේ කරපු ඔයා....
ඇයි මෙහෙම කර ගත්තේ...
මට තවත් ලියන්න බෑ ..
කදුලු වලට ඇස් බොඳ වෙලා....

අද දෙන්නයි යන්නේ



අම්මට හුඩු අකුණු ගහනවා
ගොරවනවා
බයත් හිතෙනවා
අදනම් නුගේගොඩට වහියි වගේ

ලැප් එක ඕප් කරලා සැප නින්දකට සෙට් වෙන්න ඕනි

මැද එක ඇයි බන් සුදු වෙන්නේ



මචං උඹලා දැකලා ඇති

ක්ලාස් වල
ස්කෝල වල

බස් ස්ටෑන්ඩ් වල
ලස්සන කෙල්ලෙක් හිටියොත් ගොඩක් වෙලාට ඒකිගේ යාලුවා කැත මගුලක්

එහෙම වෙන්නේ ඇයි බන්

අර ලස්සන කෙල්ලට කොල්ලෙක් නැති වුනාට
කලු මැට්ටිට කොල්ලෝ ඕනි තරම්



දුකයි සතුටයි හැමදේම

මචංලා
මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න ර‍ට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා
මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා

මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා
මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා
එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා

ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි
අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා

ඒ දවස් වල මූ සිගරට් එක පවා ‍බිව්වේ මගේ සල්ලි වලින්
මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා
උඹලා විස්වාස කරපන්
කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ
ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා 
මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක්
අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි
හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා


කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා


දැන් මූට රට‍ යන්න සෙට් වෙලා 
ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට
මුගේ පඩිය පටන්‍ගන්නෙම අසූවකින්

නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා
ඇත්තටම සතුටුයි.
ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි
මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින්

Wednesday, September 19, 2012

මත‍කේ හසරැල්

මං හදාපු ඇනිමේෂන් එකක්


ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි

ඔන්න බලපන්

අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා
අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා
අවුරුදු 16 දී සාමාන්යය පෙල කරනවා
ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා
පලවෙනි පාරෙන් ගොඩ ගියොත් 
එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි
රිසාල්ට් එනකොට අවුරුදු 20යි
කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21

ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන්
ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ
ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි
දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ
ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ‍ජොබකට යනකොට
ඊට පස්සේ ‍‍ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි

බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ

මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ

මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිට‍ම තමයි

ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ
පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ 
එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන්
අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා
අවුරුදු 25 වෙනකොට හොන්ද ‍ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට
ඒත් අපිට

මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ

එකට විසුම living together

මචං අපේ සංස්කෘතියේ කසාදෙට කලින් කෙල්ලයි කොල්ලයි එකට ඉන්න එක අනුමත කරන්නේ නෑ
ඒත් අපි සංස්කෘතික සීමා වලට හිර වෙලා අපේ හැගීම් යටපත් කරන් ඉන්න එක පලක් තියෙනවද

ඇයි අපිට බැරි එකට ජීවත්වෙන ක්‍රමයක් හදන්න
එතකොට අපිට පුලුවන් අපේ ආසාවන් තේරුම් ගන්න
ඒ වගේම ජීවිතේ තියෙන ඒකාකාරී බව අඩු කරගන්න

තමන් ආදරේ කරන හරි
තමන් සමග විශේෂ සබදකමක් තියෙන කෙනෙක් එක්ක එකට ජීවත් වෙන එක වැරදිද

මං කියන්නේ
ගොඩක් කට්ටිය ඉන්නවා කොළඹ නැවතිලා
එහෙම ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇනෙක්ස් එකක් අරන්
උයාගෙන කාලා
දෙන්නගෙම වියදමින්
ජීවත් වෙන එක වැරද්දක්ද



බෝඩිමට වෙලා පා‍ලුවෙන් ඉන්න කොට ආපු ගොන් අයිඩියා එකක් බන්

Saturday, September 8, 2012

උඹට බඩුවක් නෑ නේද බන්


අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
මට එහා පැත්තේ හිටිය එකා අහනවා
උඹට බඩුවක් නෑ නේද බන්
බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්



වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
දැන් ඉතින් බඩු ඕනි නෑ




කෙල්ලෙක් නෑ තමයි
අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..



හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
ඒක හන්දා
පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
හිතේ ‍නිදහසේ
පොකට් එකත් බේරන්
දෙවියනේ කියලා ඉන්න පුලුවන්
මෝල කරවුන වෙලාට
වැලක් බාලා අතක් ඇද්දනම් හරි

Thursday, August 23, 2012

My හයෙවනි වැෙඩ්

පොඩි වෙනසක් කරන්න ට්‍රයි කලා..
බලපල්ලකෝ වැඩේ කොහොමද කියලා
Class එකට ගිහින් තාම මාසයයි..


Friday, August 17, 2012

My පස්වෙනි වැඩේ


දඩින් බිඩින් දොඩං කියලා හැදුවා තව ඇනිමේෂන් එකක්

දැන් ඉතින් කට්ටිය කියන්න ලෑස්ති වෙන්න එපා SLT එක promote කරන්න හදනවා කියලා



Saturday, August 11, 2012

My හතරවෙනි වැඩේ

සතියම පිස්සු කෙලියා මිසක් මේ සතියේ Project එක කරන්න අමතක වුනා.
දෙයියෝ දැක්කා වගේ පට්ට pic එකක් තිබුනා මූණු පොතේ.




ඒකේ පිහිටෙන් යන්තම් ගොඩ දා ගත්තා..


Monday, August 6, 2012

My තුන්වෙනි වැඩේ


අම්මෝ ලෙසට කට්ටක් කාලා හැදුවා බන් තව එකක්
පිස්සු පීකුදු වෙනවා 
PC එක හිර වෙවී හැදුවේ



My දෙවෙනි වැඩේ

කලින් එක හදලා ආතල් එකේ පිස්සු කෙලියා මිසක් මේ සතියේ project එක කරන්න බැරි වුනා
දැන් තමයි මතක් වුනේ ‍හුටා හෙට ක්ලාස් කියලා
දඩි බිඩි ගලා හැදුවා 



Tuesday, July 17, 2012

මගේ ඉස්සෙල්ලම 3D වැඩේ

ඇනිමේෂන් ක්ලාස් එකට ගිහින් සති දෙකයි
මං ඉස්සෙල්ලම හදපු ඇනිමේෂන් එක