Friday, February 4, 2011

සිත් ගත් කවි පෙලක්

මෙ කවි පෙලිය ලියල තියෙන්න සුසන්ත බන්ඩාර නම් විශ්ව විද්‍යාල සිසුවා මරා දාපු (පොලීසිය විසින්) වෙලාවේ රුහුනු සරසවියේ ලියවුනු කවි පෙලි දෙකක්.



උණ්ඩෙන් බැටන් පොල්ලෙන් පණ සිඳින එවුන්
ලොක්කන් ළඟදි කුක්කන් මෙන් නැමෙන එවුන්
අම්මගෙ නෙමෙයි බැල්ලිගෙ කිරි බීපු එවුන්
එල්ලා දමවු අපෙ කොල්ලා මරපු එවුන්

අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
ජාතක කළේ බල්ලොද මාලිගාවේ

Wednesday, January 26, 2011

අද පාර්ට් ටයිම් ‍ජොබ් එකක් කලා

අද පන්ති නැති හන්දා
බෝඩිමට වෙලා නිකන් ඉන්න හන්දා
ආතල් එකටත් එක්ක
පොඩි වන් ඩේ ජොබ් එකක් කලා

ත්‍රී වීල් එකක සොර්ටීස්
තියාගෙන වික්කා
පැලවත්ත හරියේ

වැඩේ නරකම නෑ
දවසේ පඩිය රු 800
තව තව පොඩි පොඩි ගණන් ටිකකුත් සෙට් වුණා
(තනියෙන් ඉන්න බැරි හන්දා යාලුවෙකුත් සෙට් කරගත්තා)
ජීවිතේ පලවෙනි පාරට රස්සාවක් කරලා
හම්බ කලා

හම්බ කරන්න මේ තරම් නැහෙන්න ඕනි කියලා
කලින් දැනගෙන හිටියනම්..........

වැඩේ නම් මරු
හෙටත් කරන්න හිතෙනවා
ඒත් හෙට පන්ති

තාම ගෙදරින් දන්නේ
ගෙදෙට්ට කිවුවොත් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ

ඒත් කියන්න හිතෙනවා
දාඩිය මහන්සියෙන්
සල්ලි හම්බ කරපු හැටි

ම් ම් ම් ම් ම් ම් ම්

ඇත්තටම පාරවල් අද්දරට වෙලා
එක එක දේවලු විකුණන කොල්ලෝ
අපි ඕන තරම් දැකලා තියෙනවා
ඒත් ඒ කොල්ලෝ කන කට්ට

අපිට දැනුනේ අද තමයි
මිනිස්සු මුදල් හම්බ කරන්න විදින දුක
මට අද තමයි තේරුණේ

Saturday, January 15, 2011

බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම්

අංක 1
අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2
අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3
ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
නමුත් එහෙම වෙන්නේ නැහැ.
කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4
ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5
ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6
ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
වැරදි හදාගන්න.

අංක 7
ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
බැරි තාලේ අය කියල?
ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
ඔබගේ රෙදි හෝදලා,
ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8
ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
අවස්ථා දෙන්න ඇති.
මතක තියාගන්න.
ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9
ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
බෙදල වෙන් කරලා නැහැ.
අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10
ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11
ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
කව්ද දන්නේ ඔය පොරකට
කවද හරි බොස් කියන්න වෙයිද කියල?



Thursday, January 13, 2011

ඔයා දන්නවද

ඔයා දන්නවද
ඔයා නැතිව ගෙවෙන
හරි පාළු වෙලාවකදි
කවුරුත් නැති තැනකට ගිහින්
මම පුංචි ගාණක් හදනවා...

ඔන්න මම මාව ගන්නවා...
පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
බිංදුවයි.
හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
ඉන්නවද... ම්.. නෑනෙ.

ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
අඩුකරනවා...
උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
ඔයාට පුදුම හිතෙයි
උත්තරය බිංදුවයි
එතකොට හිතන්න වස්තුවේ
ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා

මම මාව ගන්නවා
පස්සෙ මගේ ආදරේ ගන්නවා
ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
එකට එකතු කරනවා
ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
එකතු කලාම ලැබෙන උත්තරය
ඔව් ඒ ' ඔයා'...

මම මගේ පුංචි අහිංසක හිතේ
සතුට ගන්නවා...
අනේ රත්තරන් ඒක දශම ගානක්
ඒත් මම ඒ පුංචි ඉලක්කම
මගේ හිතේ සතුට කියන පුංචි අගය
ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
මටම පුදුමයි
මට උත්තරය ලෙස ලැබෙන්නෙ
අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
මම මේ විඳින්නෙ
ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්

ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
නැත්තෙ කියලා
අනේ මගේ අහිංසක මෝඩයෝ...
ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
මම බෙදන්නෙ නෑ
ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
ඔයාගෙ හදවතවත්
බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....

ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
පස්සෙ මාව ගන්නවා...
පස්සෙ ඔයාවයි මාවයි එකට
එකතු කරනවා ....
අනේ කොච්චර ලස්සනද
ඔයා දන්නවද
මට ආපු උත්තරේ ....
නිකමට හිතල බලන්න
ඔයා + මම = .....
මොකක්ද උත්තරේ .....
ම්.... ඔයා හරි.

කවදද අපි එහෙම එකතු වෙන්නෙ
මෙහෙම දෙතැනක ඉඳල
අපි කොහොමද අපේ සිහින
සැබෑ කරගන්නෙ .....

ජීවිතේ අමාරුයි .. මං දන්නවා
මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
ඔයාගෙ ඔළුවට ආවොත්....
අනේ ඔයාට දුක හිතෙයි ...

ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ....
ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
ඇල් වෙන්න බලනවා ....

මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත් නොවෙනවා කියලයි ...

හරි ඉක්මනට ... මටත් ...
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක ...

ඉතින් රත්තරන්
කියන්නෙ එක දෙයයි
ඉක්මනට බැඳල
හෙමිහිට ජීවත් වෙමු .....


Friday, October 22, 2010

අද විජේරාමේ.....අපිට හුලං....

අද පෝය...ඒ කියන්නේ අද නිවාඩු...
කලකට පස්සේ නිවාඩුවක් හම්බ වුණු හින්දා...
ටිකක් දවල් වෙනකන් නින්ද ගියා...
ටිකක් කිව්වට 9 වෙනකන් නින්ද ගියා..

‍ලහි ලහියේ ලෑස්ති වෙලා ආවා කෑම කන්න විජේරාමෙට..

අප්ප‍ට සිරි ගජ..

රතු කැකුල ආදී කඩවල් වහලා..

අම්බානකට බඩගිනී..

පොඩි සර්ච් පාරක් දැම්මා..

දෙයියෝ බැලුවා වගේ..

එක කඩයක් ඇරලා..

ඒක අස්සේ සෙනග ගොඩයි..

ගේමක් දීලා රිංගුවා ඇතුල්ටම...
පැන්නා පුටුවක් උඩට ,
අතත් දොවනය කරන් ලෑස්ති වුනා පාතරාසය වලදන්න..

මල්ලි මාලු කෑම එකක් ගේන්න...

මං ටිකක් සද්දේ දාලා කිව්වා..

පොඩි කොල්ලෙක් මං ගාවට ඇවිත්..

මහත්තයා, බත් නම් ඉවරයි. ඉදිආප්ප ගේන්නද කියලා ඇහුවා..

අපොයි කාලා ඉවරයි..

මං ඒ ගමන කඩේ උන්ට ඔරවලා ආවා එලියට..

ඒ ගමන කඩයක් තියනවා පේන්න ඈත..

ගාට ගාට ගියා ඒකට...

දැන්නම් බඩ ගිනී ගොඩක්..

අපොයි..
එකෙත් බත් ඉවර වෙලා..

පාන් විතරයි..

ඒ ගමන පාන් ගෙන්න ගත්තා..

කුකුල් මස් හොදි එකකුයි පාන් ගෙඩියකුයි කෑවා..
(එච්චරයි කඩේ තිබ්බේ)

කිරි එකකුත් බීලා..

බිල ගේන්න කිව්වා

මෙන්න මට මේකා ගෙනල්ලා දෙනවා රු 175ක බිලක්..

මං ඇහුවා ඇයි මේ කියලා..

කුකුල් මස් කරි එකට රු 95 ක් ලු..

කිරි එකට 30 ක්ලු

පාන් රාත්තලට‍ 55 ක්ලු

වෙනදට උදේට බත් කන්න යන්නේ රු 40යි..

මොනවා කරන්නද බිල ගෙවලා මං ආවා..





Tuesday, October 19, 2010

මගේ ලෝකෙට අලුත් ඉරක් සයිබර් අවකාශයේ මටත් ඉඩක්

ආරාධනා


.......මගේ ලෝකෙට අලුත් ඉරක් සයිබර් අවකාශයේ මටත් ඉඩක්...

මගේ සයිබර් ලෝකෙට ඔයාලත් එන්න

ඔන්න මං කට්ටියටම ආරාධනා කලා...




පෝන් එකක්...





මගේ කලින් තිබ්බ පෝන් එක කෙලවුනා
කෙලවුනා කිව්වට මංම තමයි කෙලවගත්තේ..
ඉන්ටර්නෙට් එකට කියාපු භාණ්‍‍ඩේ..
කැමරා එකත් අවුලක් නෑ..














අපාරාදේ ඒක කෙලව ගත්තේ..

දැන්නම් අතේ තියෙන්නේ යාලුවෙක්ගේ පෝන් එකක්..
එකත් නොකියා එකක්.

ඒ වැඩෙත් හැමදාම කරන්න බෑ..

පොන් එකක් මටම කියලා ගන්න ඕනි...

මහරගම දෙහිවල පැත්තේ තියෙන් කඩ වලට රිංගලා බැලුවා
මොනවද තියෙන පෝන් කියලා..

මගේ ගානට එකක් අහුවුනා
රු 2990/=

වැඩි වැඩනම් නෑ අහිංසක පෝන් එකක්..

රේඩියෝ..
විදුලි පන්දම
සිම් දෙක
කටහන්ඩ මාරු කරන්න

වගේ වැඩ ටිකක් තියෙනවා..

මගේ ගාණට ෂේප් හින්දා එකක් ගන්න හැදුවේ..

කරුමේ කියන්නේ

ඉල්ලුම වැඩි හින්දද කොහෙද මේක වෙලදපොලේ නෑ..
ඇහුවම කියනවා බදාදා තමයි ගේන්නේ කියලා..

අනේ මන්දා..

කොහොමින් කොහොම හරි හෙට අනිද්දට බඩු ආවොත්
මට නම් රජ මගුල් ..










Wednesday, October 13, 2010

අනේ මන්දා...

ගමේ ගිහින් ආපහු කොළොඹ එනකො‍ට බස් එකේ කල්පනා කර කර ආවේ බ්ලොග් එකේ ලියන්නේ මොනවද
කියලා..
ශා
ෂා
මරු අදහසක් ආවා..
ඒත් දැන්නම් ලියන්න බෑ
නිදිමතයි..
වැඩේ කල් දැම්මා..

හෙට ලියන්නම්

Tuesday, October 5, 2010

මගේ අලුත් කැමරාව




සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගත්තා කැමරා එකක්...
ගත්තා කිව්වාට මටම නෙවෙයි...
යාලුවෙක්ට ගත්තේ

කැනෝන් කැමරා එකක්...
මරු භාණ්ඩේ


Saturday, October 2, 2010

අද වැස්සා.....කොළඹට බඩුම තමයි............

මේ දවස් ටිකේම පන්ති ගිහින් හෙම්බත් වෙලා හිටිය හින්දා...
අනික අද සෙනසුරාදා නිවාඩු දවසකුත් හින්දා...
පොඩි ෂොපින් පාරක් දාන්න කියලා හිතාගෙන විජේරාමෙන් 138 නැගලා
පිටකොටුව පැත්තට සැපත් වුණා...
අප්පට සිරි ගජ ඉන්න සෙනග කන්දරාව...
පිස්සු හැදෙනවා...
කොහොමින් කොහොම හරි ස්ටේෂන් එක ගාවින් බැහැලා...
දෙපැත්තේ තියෙන පෝන් කඩවල් වල අලුත් අයිටම් බල බල
දන්නෙම නැතුව ගුණසේන එක පැත්තටත් ආවා..

අපොයි...
අපි කියවන්නම උපන් ළමයි..
ඉතින් ගුණසේන එකේ පොත් ගොඩවල් අතරේ පැයක් විතර රස්තියාදු ගහලා එකෙන් එලියට බැහැලා
සීටීබී ස්ටෑන්ඩ් එක පැත්තට ආවා...
පිස්සු හැදෙයි...
සද බැබලෙයි...
පදික වේදිකාවේ බිස්නස් කරපු අපේ පොරවල් ටික දැන් මරු ආතල් එකට බිස්නස කරනවා...

එවත් බල බල...
ගුණසිංහ පුර පැත්තට යනකොට..
වාව්
සොයා අයිස්ක්‍රීම් කඩයක්..
රු 20 යි..
ලාබයි..

චොක්ලට් වැනිලා
දෙකම දාපු එකක් අරගෙන ඇස් දෙක පියාගෙන රස වින්දා..
ටික වෙලාවකින් මං හිටියේ දිව්‍ය ලෝකයේ..

ලස්සන සුරංගනාවියක් මං ගැවට ඇවිත් ඔයා මූණු පොතේ ඉන්නවද කියලා ඇහුවා..
මං එයා දිහා බලලා ලස්සනට හිනා වෙලා ඔව් කියන්න හදනකොටම ලංග හිටිය දෙයියෙක් මාව අමෘතය බාල්දියකින් නෑව්වා...

හපොයි...
ඇස් ඇරලා බලනකොට මෙන්න බොලේ ...
කොළඹට වහිනවා...

වහිනවා කියන්නේ මාර වැස්සක්..
ගන්න දෙයක් නෑ..
මිනිසුස් එහො දුවනවා...
මෙහො දුවනවා..
පව් කියලත් හිතෙනවා..
මාත් දිව්වා කඩයක් අස්සට...
ප්ලාස්ටික් බඩු කඩයක්..
ඒ කඩේ හිටිය එව්වෝ වැස්සෙන් බේරෙන්න කඩේට ආපු එව්වන්ට බඩු විකුණනවා..
ගත්තේ නැතොත් කඩෙන් එලියට දාන්න තමා ටෝක් එක..
අනේ ඉතින් අසරණ මිනිස්සු
රු 10 විස්සේ බඩුවක් හරි ගන්නවා....
වැස්සෙන් බේරෙන්න ඕනි කමට...
කඩේටනම් වැස්ස මාර චාන්ස් එක...
හොන්ද බිස්නස් එකක් කර ගත්තා..

ටිකක් විතර වැස්ස පෑව්ව හින්දා මාත් කුඩේ දිග ඇරගෙන
ස්ටේෂන් එක පැත්තට ආවා..

මරු අප්පා

කථා කරලා වැඩක් නෑ..

ඒ තරම් ලස්සනයි..

පිස්සු හැදෙනවා..

මුලු කොළඹම මඩ වලක් වෙලා..

අපේ ගම් පැත්තේ කුඹුරක වත් නැති තරම් මඩ..

අනිත් පැත්තෙන් කාණු වල වතුර ගිලා බහින්නේ නෑ
ඒ කානු අස්සේ දාහක් දේවලි හිරවෙලා..
(මිනිස්සුන්ගේ වැඩ හින්දා දුක් වින්දින්නේ මිනිස්සුමයි....)

කොළඹ නගරය සැලසුම් සහගත නගරයක් නෙවෙයි..

ඒක හින්දා තමයි..
සෑහෙන්න තදබදයක්

ඇත්තටම කොළඹ නගරය මීට වඩා ක්‍රමවත් වෙන්න ඕනි..
ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමු වෙත්වා

Friday, September 24, 2010

අදත් පන්ති..

මං කලින් කිව්ව නිදස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න මට අදත් පන්ති..
පන්ති යන්න කලින පොඩ්ඩක් මේ පැත්තට ආවා...
අද වහිනවා වහිනවා...
කෙලවරක් නෑ...
කමක් නෑ.....

තව ටිකකින් වැස්ස පායයි...

උදේ මාර හීතලයි...

පන්තියට ගිහින් ගණන් හදනකොට රත් වෙලා එයි..

දැන් ඇති ලිව්වා...
මං යනවා පන්ති

Thursday, September 23, 2010

අද වැස්සා...මාර ජොලි

බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තාට මොකද තාම වැදගත් කියලා කියන්න පුලුවන් එකක් ලියාගන්න බැරි වුනා...

කස්ටිය කියනවා ලංකාවේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයලු....

බම්බුවේ නිදහස තමයි ඒක..

පොඩි එකෙක්ව නිදහසේ පාසලකට දා ගන්න බෑ

තමන් කැමති විෂයක් කරන්න බෑ

තමන් කැමති විෂයක් තමන් කැමති ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න බෑ...

තව තව කරුණු තියෙනවා මං ඒවා පස්සේ කියන්නම්...

ඒ මොක වුනත් මං බය නැතුව කියනවා ලංකාවේ තියෙන්නේ නොමිලේ දෙන අධ්‍යාපනයක්...

නොමිලේ දෙන හින්දාද මන්දා ඒකේ කිසි ගතියක් නෑ


ඔහ් මං කියන්න හැදුවේ අධ්‍යාපනය ගැන නෙවෙයි...

කොහොමහරි තියෙනවයි කියන නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න අපිට නිදහසක් ඇත්තේම නෑ..

ඉතින් තාරුණ්‍යයේ සුන්දරත්වය උපකාරක පන්තියනට පූජා කරලා එකෙන් එලියට බැහැලා බෝඩිමට ඇවිල්ලා

බත් කටවල් දෙකක් කන්න හම්බ වුනේ නෑ..

පටන් ගත්තා මාර වැස්සක්..

හැබැයි...

මාර ආතල්...

මට මිදුලට පැනලා තෙමෙන්න හිතුනා....

ඒත් බෑ හෙම්බිරිස්සාව හැදුනොත් තව කචල් එකක්...


ඉතින් මොනවා කරන්නද///
ජ‍නේලයකුත් ඇරන් මං මිදුල දිහා බලං හිටියා...

දිය බිංදු ආසාවෙන් පොලොව සිප ගන්නවා....

ගමේ ඉන්නකොටනමි වහින වෙලාවට වැඩ ගොඩයි..

ඒත් මේ කො‍ළොම්පුරේ ඒ ජොලි වැඩ කරන්න බෑ

වහින්නේ නැති දවස් වලට කොළඹ කාන්තාරයක් වගේ...

දවසට පැයක් දෙකක් වත් වහිනවානම් මරු...

ඒත් වහින්නේ නෑ

ගහක් යට සෙවනේ ඉන්න කොට තියෙන ආතල් එක....
දිය ඇල්ලකින් නාන කොට තියෙන ආතල් එක කොළඹ ඉන්න කොට ගන්න බෑ..

ඒ වෙලාවට තමා සේරම දමලා ගහලා ගමේ දුවන්න හිතෙන්නේ...


කොළඹ කිරි ගමට කැකිරි හින්දානේ මේ ඔක්කෝම කචල්...

ලං කාවේ හැම පලාතක්ම එක වගේ දියුණු වෙනවනමි මරු..

හැබැයි දියුණු වෙනවා කියලා මේ ගස් කොලන් ටික විනාශ කරලා වැඩක් නෑ..
ඒවත් පරිස්සම් කරගෙන තමා දියුණු වෙන්න ඕනි...

අනේ මන්දා පිස්සු හැදෙනවා මේවා ගැන කියන්න ගියහම..

රෑට කොච්චර වැස්සත් කමක් නෑ..
උදේටන් වහින්න එපා..

ඉස්කෝලේ යන ළමයි පව්...
රුකියා වලට යන අයත් පව්...
මාත් පව්....
මාත් පව්...

Friday, August 27, 2010

NEWWWW>>>

COMING SOOOON >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Monday, August 9, 2010

Exammmmmm

Ada Exaaaaaaaaaaam...

Jiwitheta First Time A/L exam liyanawa..

Tikak bayath hithenawa...

Eth kamak na..

Paper eka hadapu kenata andennama Liyanawa

Thursday, August 5, 2010

ඔන්න ගත්තා..

ඔන්න ඉතින් මං ඇඩ්මිසන් ගත්තා..
දැන් ඉතින් තියෙන්නේ විභාගේ ලියන්න..

Monday, July 19, 2010

ඇත්තමයි...............

ලියන්න දේවල් ගොඩක් හිතේ තෙරෙපෙනවා....
ඒත් උසස් පෙළ විභාගෙට තව ටික දවසයි...
ඒක හින්දා බ්ලොග් එකේ වැඩ පටන් ගන්න එක කල් දැමිමා...........