Wednesday, January 26, 2011

අද පාර්ට් ටයිම් ‍ජොබ් එකක් කලා

අද පන්ති නැති හන්දා
බෝඩිමට වෙලා නිකන් ඉන්න හන්දා
ආතල් එකටත් එක්ක
පොඩි වන් ඩේ ජොබ් එකක් කලා

ත්‍රී වීල් එකක සොර්ටීස්
තියාගෙන වික්කා
පැලවත්ත හරියේ

වැඩේ නරකම නෑ
දවසේ පඩිය රු 800
තව තව පොඩි පොඩි ගණන් ටිකකුත් සෙට් වුණා
(තනියෙන් ඉන්න බැරි හන්දා යාලුවෙකුත් සෙට් කරගත්තා)
ජීවිතේ පලවෙනි පාරට රස්සාවක් කරලා
හම්බ කලා

හම්බ කරන්න මේ තරම් නැහෙන්න ඕනි කියලා
කලින් දැනගෙන හිටියනම්..........

වැඩේ නම් මරු
හෙටත් කරන්න හිතෙනවා
ඒත් හෙට පන්ති

තාම ගෙදරින් දන්නේ
ගෙදෙට්ට කිවුවොත් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ

ඒත් කියන්න හිතෙනවා
දාඩිය මහන්සියෙන්
සල්ලි හම්බ කරපු හැටි

ම් ම් ම් ම් ම් ම් ම්

ඇත්තටම පාරවල් අද්දරට වෙලා
එක එක දේවලු විකුණන කොල්ලෝ
අපි ඕන තරම් දැකලා තියෙනවා
ඒත් ඒ කොල්ලෝ කන කට්ට

අපිට දැනුනේ අද තමයි
මිනිස්සු මුදල් හම්බ කරන්න විදින දුක
මට අද තමයි තේරුණේ

Saturday, January 15, 2011

බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම්

අංක 1
අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.
ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2
අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.
ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්
ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්
ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3
ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්
අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.
නමුත් එහෙම වෙන්නේ නැහැ.
කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක
ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,
අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4
ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,
කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5
ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන
එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.
ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.
ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6
ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.
එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,
වැරදි හදාගන්න.

අංක 7
ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
බැරි තාලේ අය කියල?
ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
ඔබගේ රෙදි හෝදලා,
ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8
ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.
සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න
අවස්ථා දෙන්න ඇති.
මතක තියාගන්න.
ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9
ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල
බෙදල වෙන් කරලා නැහැ.
අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,
ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10
ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.
ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.
රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11
ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,
පොත් ගුල්ලෝ ඉන්නවා නේද?
ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,
කව්ද දන්නේ ඔය පොරකට
කවද හරි බොස් කියන්න වෙයිද කියල?



Thursday, January 13, 2011

ඔයා දන්නවද

ඔයා දන්නවද
ඔයා නැතිව ගෙවෙන
හරි පාළු වෙලාවකදි
කවුරුත් නැති තැනකට ගිහින්
මම පුංචි ගාණක් හදනවා...

ඔන්න මම මාව ගන්නවා...
පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
බිංදුවයි.
හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
ඉන්නවද... ම්.. නෑනෙ.

ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
අඩුකරනවා...
උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
ඔයාට පුදුම හිතෙයි
උත්තරය බිංදුවයි
එතකොට හිතන්න වස්තුවේ
ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා

මම මාව ගන්නවා
පස්සෙ මගේ ආදරේ ගන්නවා
ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
එකට එකතු කරනවා
ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
එකතු කලාම ලැබෙන උත්තරය
ඔව් ඒ ' ඔයා'...

මම මගේ පුංචි අහිංසක හිතේ
සතුට ගන්නවා...
අනේ රත්තරන් ඒක දශම ගානක්
ඒත් මම ඒ පුංචි ඉලක්කම
මගේ හිතේ සතුට කියන පුංචි අගය
ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
මටම පුදුමයි
මට උත්තරය ලෙස ලැබෙන්නෙ
අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
මම මේ විඳින්නෙ
ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්

ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
නැත්තෙ කියලා
අනේ මගේ අහිංසක මෝඩයෝ...
ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
මම බෙදන්නෙ නෑ
ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
ඔයාගෙ හදවතවත්
බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....

ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
පස්සෙ මාව ගන්නවා...
පස්සෙ ඔයාවයි මාවයි එකට
එකතු කරනවා ....
අනේ කොච්චර ලස්සනද
ඔයා දන්නවද
මට ආපු උත්තරේ ....
නිකමට හිතල බලන්න
ඔයා + මම = .....
මොකක්ද උත්තරේ .....
ම්.... ඔයා හරි.

කවදද අපි එහෙම එකතු වෙන්නෙ
මෙහෙම දෙතැනක ඉඳල
අපි කොහොමද අපේ සිහින
සැබෑ කරගන්නෙ .....

ජීවිතේ අමාරුයි .. මං දන්නවා
මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
ඔයාගෙ ඔළුවට ආවොත්....
අනේ ඔයාට දුක හිතෙයි ...

ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ....
ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
ඇල් වෙන්න බලනවා ....

මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත් නොවෙනවා කියලයි ...

හරි ඉක්මනට ... මටත් ...
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක ...

ඉතින් රත්තරන්
කියන්නෙ එක දෙයයි
ඉක්මනට බැඳල
හෙමිහිට ජීවත් වෙමු .....