Wednesday, September 19, 2012

මත‍කේ හසරැල්

මං හදාපු ඇනිමේෂන් එකක්


ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි

ඔන්න බලපන්

අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා
අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා
අවුරුදු 16 දී සාමාන්යය පෙල කරනවා
ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා
පලවෙනි පාරෙන් ගොඩ ගියොත් 
එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි
රිසාල්ට් එනකොට අවුරුදු 20යි
කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21

ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන්
ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ
ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි
දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ
ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ‍ජොබකට යනකොට
ඊට පස්සේ ‍‍ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි

බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ

මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ

මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිට‍ම තමයි

ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ
පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ 
එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන්
අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා
අවුරුදු 25 වෙනකොට හොන්ද ‍ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට
ඒත් අපිට

මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ

එකට විසුම living together

මචං අපේ සංස්කෘතියේ කසාදෙට කලින් කෙල්ලයි කොල්ලයි එකට ඉන්න එක අනුමත කරන්නේ නෑ
ඒත් අපි සංස්කෘතික සීමා වලට හිර වෙලා අපේ හැගීම් යටපත් කරන් ඉන්න එක පලක් තියෙනවද

ඇයි අපිට බැරි එකට ජීවත්වෙන ක්‍රමයක් හදන්න
එතකොට අපිට පුලුවන් අපේ ආසාවන් තේරුම් ගන්න
ඒ වගේම ජීවිතේ තියෙන ඒකාකාරී බව අඩු කරගන්න

තමන් ආදරේ කරන හරි
තමන් සමග විශේෂ සබදකමක් තියෙන කෙනෙක් එක්ක එකට ජීවත් වෙන එක වැරදිද

මං කියන්නේ
ගොඩක් කට්ටිය ඉන්නවා කොළඹ නැවතිලා
එහෙම ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ඇනෙක්ස් එකක් අරන්
උයාගෙන කාලා
දෙන්නගෙම වියදමින්
ජීවත් වෙන එක වැරද්දක්ද



බෝඩිමට වෙලා පා‍ලුවෙන් ඉන්න කොට ආපු ගොන් අයිඩියා එකක් බන්

Saturday, September 8, 2012

උඹට බඩුවක් නෑ නේද බන්


අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
මට එහා පැත්තේ හිටිය එකා අහනවා
උඹට බඩුවක් නෑ නේද බන්
බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්



වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
දැන් ඉතින් බඩු ඕනි නෑ




කෙල්ලෙක් නෑ තමයි
අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..



හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
ඒක හන්දා
පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
හිතේ ‍නිදහසේ
පොකට් එකත් බේරන්
දෙවියනේ කියලා ඉන්න පුලුවන්
මෝල කරවුන වෙලාට
වැලක් බාලා අතක් ඇද්දනම් හරි