නෑ නෑ කර්ම ගැන කියන කිව්වේ මේ මේ දවස් වල තිරගත වන කර්ම චිත්‍රපටිය ගැන නෙවෙයි
ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නයි යන්නේ
කර්ම කියලා කියන්නේ සංස්කෘත වචනයක්
කම්ම කියන පාලි වදන ද ඊට සමාන අර්ථයක් දෙනවා
මෙහි වචානාර්ථ වශයෙන් තේරුම් කිහිපයක් වෙනවා
1.ක්‍රියාව
2.ප්‍රතිවිපාක දෙන ක්‍රියාව
3.ඉරණම
මෙයින් මුල් තේරුම සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති දෙයක්
දෙවන හා තුන්වෙනි තේරුම් කර්මවාදය නම් ආගමික සංකල්පයයි
ඉපැරණි චීන ආගමක් වූ තාඕ දහමෙහි මූලග්‍රන්ථයන්හි කර්මවාදයට සමීප ඉගැන්වීමක් ඇත
හොදක් කරන්නා හොන්ද ප්‍රතිඵලද
නරකක් කරන්නාට නරක ප්‍රතිඵලද අත්වෙනු ඇත යන්න එහි පිලිගෙන ඇත
කෙසේ නමුත් තාඕ වාදයේ එන කර්ම සංකල්පය විස්තරාත්මක නොවේ
කර්මය පිලිබදව විස්තරාත්මකව හැදෑරීමක් සදහා ඉන්දියානු සම්භාව්‍ය ආගම් වෙතට යොමු විය යුතුයි
බුදු දහම
ජෛනාගම
හින්දු දහම
යන ආගම් තුනෙහි කර්මය පිලිබදව විස්තරාත්මකව කරුණු ඇත
මෙහිදී මා සාකච්ජා කරනුයේ බුදු දහම සම්බන්ධව පමණි
අද බොහෝ දෙනෙක් කර්මය ගැන වැරදි වැටහීමෙන් සිටිති.
සමහරු කර්මය විශ්වාස නොකරති
විශ්වාස කරන අයද වැරදි මතවල එල්බ සිටිති
කර්මය පිලිබදව පොදු ජනයාගේ අවබෝධය කොතෙක් ව්‍යාකූලද යත් කර්මයට පිලියම් නැතැයි කියා ඕනෑම ඇබැද්දියකදී වෙන දෙයක් වෙන්නට දී බලා සිටින අය කොතෙකුත් අප සමාජයේ ඇත
කර්මය පිලිබදව මූලික බෞද්ධ ඉගැන්වීම් මෙසේයි
1. කර්මය යනු හොන්ද හෝ නරක ක්‍රියාවකි.
2.කර්මය මතු විපාක ගෙන දෙයි
3.මතු විපාක සකස් වන්නේ කර්මය සිදුකරද්දී තිබූ චේතනාවට අනුරූපිතවයි.
4 මතු උපතක් ගෙන දීමේදී කර්මය තීරණාත්මක සාධකයක් ලෙස කියා කරයි
5.කර්මය සත්ත්වයා බෙදීමට ලක්කරයි.
6.ජීවිත කාලය තුලදී කර්මය වරින් වර ඉදිරියට පැමිණ පුද්ගලයාට බලපෑම් කරයි.
7.කර්මය මනසට බලපෑම් කරයි.
8.කර්මය ස්වාභාවධර්මයට බලපෑම් කරයි.
9.කර්මයකින් තවත් කර්මයක් වැසිය හැක
10. බහුලව හොන්ද දේ කිරීමේන නරක දේ වසා දැමිය හැක.
11.කල කර්ම වලින් කොටසක් මෙලොවදීම භුක්ති විදිය හැක
12.සමහර කර්ම සමා කල හැකිය.
13.කර්ම විපාකය සත්ත්වයා පසු පස එලාවා ගෙන පැමිණ සුදුසු විට ක්‍රියාත්මක වෙයි
14. විපාක දීමට පෙර කර්මය මෝරා වැටෙයි.
15.රහත් වීමෙන් පසු කර්ම සිදු නොකෙරේ.
16.කර්මවාදයේ ගැඹුරු තැන් බුදුන්ට පමණක් වැටහේ.
මේවායේ සවිස්තරාත්මක විස්තර ප්‍රතිචාර අනුව ලබා දේ

No comments:
Post a Comment
සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න