Wednesday, November 28, 2012

නෙලා ගන්න බැරිවුන මල


අහම්බයෙන් නොසිතූ ලෙස
ඇය මා නෙතු සතු විය
අප නෙතු පෙම් බැඳුන් සිත් වලට රහසින
ක්ෂය වුනි කාලය අපට රහසින
සිටියෙමු අප නෙත් වලින් විඳමින පෙම් සුව

සිහින ලොවින් ‍මිදී මෙලොවට මා ආ කල
දුටුවා අප දුරස් වී හිදිනා බව
යලි ලං නොවෙනු ඇත මේ භවය තුල
රහසින් විඳිමි නොකියූ පෙම් කවේ රසය

සිහිකර හඩන්නට නොහැක මාහට
දකින සැම විට නුඹේ අසිරි රුව
අඩයි මා සිත මා නොදැන
පතනෙමි සිහිකර ‍නුඹේ රුව
දුරස් නොවේවා උපදින භවයෙන් භවයේ මගේ සුර කුමරිය

බොදවී පෙනෙයි මගේ කවි පබැදුම
අසනු රිසියෙමි නුඹේ සොදුරු පෙම් බස
නුඹ සතුටින්දැයි මා නොදනිමි
මා සිත දුකින් පෙගී ඇත


තනිකම පුරුදු මා
යලි නොසලමි කදුලු
‍පුරමි පෙරුමන්
හිමි කරගන්නට නුඹ මතු

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න