Tuesday, June 14, 2011

ඇයි මා හැරදා යන්න ගියේ

මචං පිස්සු හැදෙන සීන් එකක් වුනා බන්

මම ඉන්නෙ බත්තරමුල්ලේ
මගේ ගෑනු ළමයා ඉන්නේ රත්නපුරේ

අපේ ආදර කථාවට අවුරුදු 2 ක් විතර වෙනවා
ඒ ආදර කථාව ලස්සනට ගලාගෙන ගියා..

ඒත්

මචං ඒ අවාසනාවන්ත සෙනසුරාදා

ඒ ආදර කතාවට කණකොකා හැඩුවා

ඒ ළමයා වෙන පිරිමි ළමයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන
දැන් අවුරුද්දක ඉදන්

ඒත් අපි හරි ආදරෙන් හිටියේ මට හිතා ගන්න බෑ ඇයි ඒ ළමයා
තවත් කෙනෙක්ගේ සෙනහස පැතුවෙ කියලා

මචං මට ඒ සීන් එක අතමට අහු වුනා

මං රණ්ඩු කරන්න ගියේ නෑ

මං ඒ වෙලාවෙම ඒ සම්බන්ධය නැවැත්තුවා

ඒත් ඒ ළමයා කියනවා එයාට මාවයි අරයවයි
දෙන්නම ඕනිලු
මහ මෝල් කතාවක් බන් ඒක

කොහොමින් කොහොම වුනත්
දැන් අපේ සම්බන්ධෙ නැවතිලා තියෙන්නේ

ඒත් මට නිතරම ඒ ළමයා මතක් වෙනවා

එතකොට නම් මගේ ඇස් වලට මටත්
නොදැනිම කදුලක් එනවා

2 comments:

  1. නොවෙවා මෙවන් විපතක් අන් කිසිවෙකුටවත්.......

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න