Wednesday, October 24, 2012

ගණිකා වෘත්තිය නීතිගත කරමුද




කැමති අය අත් උස්සන්න එපා
කැමති ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ කැමතියි කියලා දාලා යන්න
අකමැති අයත් අකමැතියි ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ අකමැතියි කියලා දාලා යන්න


ගණිකාව කියන්නේ කවුද ගණිකා වෘත්තිය මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ
දැන් ඉන්න මොන්ටිසෝරි වුන් පවා දන්නවා ඒ ගැන
ඇයි අපේ ඉස්කෝල වල තැන්වැනි ශික්ෂා පදේ තේරුම උගන්වනකොට කියලා දෙනවනේ
කාමයේ වරදවා හැ‍සිරීම කෙසේවෙතත් කෙලින් හිට ගන්නවත් බැරි පොඩි උන් ඉදන් දන්නවා දැන් ඒ ගැන

හරි
ගණිකා වෘත්තිය නීතිගත කලොත් ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයන් මං ලුහුඩින් කියන්නම්

1.ඉස්කෝලේදි අම්මගේ රස්සාව මොකක්ද කියා ඇහුවොත් එතකොට පොඩි උන්ට කියන්න වෙන්නේ
මගේ අම්මා රජයේ ලියාපදිංචි ගණිකාවෘත්ති‍කයෙක් කියලා
2.අධ්යාේපන සුදුසු කම් ඕනි නැති නිසා ගොඩක් කෙල්ලෝ මේ රස්සාවට යයි
එතකොට ආදරණීය බිරිද‍ පෙම්වතිය ගණිකා නිවාසයේ රාජකාරිය නිමවා ඔබ වෙත පැමිණෙන් වි‍ට ඔබට දැනෙන හැගීම කොහොම වෙයිද
3.බාර් ලයිසන් වගේ මේවටත් ලයිසන් දෙයි ඒවායින් ගොඩක් ඒවා දේසපාලුවෝ ගනී.
4.තමන්ගේ අම්මා, බිරිද, දුව, සහෝදරිය,පෙම්වතිය රගපාන වෙලද දැන්වීම් ටීවී එකේ යනකොට ඔබට දැනෙන හැගීම කොහොම වේවිද
5. දේසපාලුවෝ මැර බලය යොදා ගෙන අහිංසක ගම්වල කෙල්ලෝ මේවට ගෙනවිත් දායි
එතකොට ගමේ සරනේරිස් කොලඹ ගොන් පොට් එකට යනකොට ගමේ සිරියාවතී මොඩ් වෙලා ඉන්නවා දැකිනකොට ඇතිවන හැගීම කොහොමද
6. බාර් වලට ලයිසන් දුන්නට හොර කසිප්පු පෙරන එක අඩු වුනාද
7. අරක්කු වලට ලයිසන් දුන්නට බීලා එලවලා සිදුවන මාර්ග අනතුරු අඩුවුනාද
8. අරක්කු වලට ලයිසන් දුන්නට ඒවායින් ඇතිවන රෝගාබාධ අඩු වුනාද
9. හිතන්න ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලක් දකිනවා
ඔයා ළගට ගිහින් අහනවා නංගි කොහෙද වැඩ කියලා
එතකොට ඒකි කියනවා අයියේ මං අර අහවල් ගොන්පොට් එකේ කියලා
කොහොමද දැන් දැනෙන් ආතල් එක
එපා වෙනවා නේද

10. ගණිකාවන්ට උපදින අවජාතක ළමයි වෙනුවෙන් ළමා නිවාස හදන්න වෙයි
එත කොට ළමයි නැති පවුල් වලට පුලුවන් ඒ ළමයෙක් ගන්න

11.කොහොම ආතල් එකක් තියෙයිද තාත්තයි පුතයි ගොන් පොට් එකේදී මීට් වෙනකොට






සමාජ‍ය අගාධයට ධමන
මිනිසත්කම සාරධර්ම වනසන
මව පියා දූ දරු සබදතා බිදලන
පවලු සමගිය වනසන
මිල මුදල් වනසන
රෝගාබාධ පතුරන
ගණිකා නිවස වලට ඔබත් විරුද්ධ වන්න
යම් හෙයකින් ගණිකා නිවාස නීතිගත කරන්න උත්සහ දැරුවොත් නොබියව ඊට විරුද්ධ වන්න




සමාජ විද්යානඥයින් කියන පරිදි සමාජයේ පැවැත්ම සදහා ගණිකාවෝ ඉන්න ඕනිලු
බුදුන් දවසත් උන් හිටියා කියනවානේ
ඒකට කමක් නෑ
හොර ගොන් පොට් ටික වහන්න බැරි නම් නිකන් ඉන්න කියපන් ආණ්ඩුවට
ලියාපදිංචි ගණිකා වෘත්තියක් රටේ ඇති කරන්න ඉඩදෙන්න බෑ


ගණිකා වෘත්තිය රටින් අතුගාලා දාන්න බැරි නම් අඩුම ගානේ ඔය ඉන්න ගොන්නු ටිකට
කොන්ඩම් , උපත් පාලන ක්ර ම ගැන කියලා දෙන්න
ගණිකාවො ගාවට යන අයටයි මේ කියන්නේ
අනිවාර්යෙන්ම කොන්ඩයමක් පලදින්න



හැමවිටම මතක තියා ගන්න
ඔබගේ ලිංගික සබදතා සදාකල්ම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න

නොදත් අගණන් පුදන කම්සැප
වනයි ඒඩ්ස් වලට අත





Friday, October 12, 2012

එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

මෙහි සදහන් වන සියල්ල මාගේ පෞද්ගලික අදහස් වන අතර ඒවාට එරෙහි වීම එකග වීම සංශෝධනය කිරිම ආදී දේ සදහා අවස්ථාව ඇත

උඹලා දන්න‍වනේ සිංහල ජාතියට වෙන්න යන විනාශය
දැන් සිංහල කොල්ලේ කියන්නේ හරියට බෝනික්කෝ වගේ උන් ටිකක්
ඒකට වග කියන්න ඕනි අපේ අධ්‍යාපන ක්‍රමයද ටෙලිවිෂන්ද කියන්න මං දන්නේ නෑ
දැන් ඉන්න කොල්ලෝ දන්නේ සැලුන් එකට යන්නයි ජිම් එකට යන්නයි විතරයි
අරුන්ව ගෙඩි පිටින් ආරාබියේ කාන්තාරයකට ගිහින් දැම්මත් වැඩක් නෑ බන්
අපේ උන් හැදෙන්නේ නැතුව


මං හිතන විදිහට අද ‍කාලේ කොල්ලෙකුට මං පහත කියන ඒවායින් බහුතරයක් වත් පුලුවන් නම්
උන්ට ජීවිතේ ජය ගන්න පුලුවන්


1. අවුරුදු 20 පිරෙනකොටම ලයිසන් ගන්න ඕනි
තුවක්කු ලයිසන් නෙවෙයි බන් කාර් වෑන් තීවිල් මෝටර් සයිකල් ලයිසන්
අඩුම තරමින් හදිස්සියට ලෙඩෙක් ගෙනියන්න පුලුවන් මට්ටම ඩ්‍රයිවින් පුරුදු වෙලා තියෙන්න ඕනි.

2. වාහන ගැන අඩුම තරමින් සුලු කාර්මික දැනුමක් හෝ තියෙන්න ඕනි
ටයර් එකක් මාරු කරගන්න
Plug එක මාරු කරගන්න වගේ දේවල් වත් පුරුදු වෙලා තියෙන්න ඕන

3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
හදාගෙන කෑවා
බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්

4.සුද්දෙක් වගේ නොවුනට යම්තම් හරි කඩ්ඩ පුලුවන් වෙන්න ඕනි
කථා කරන්නම නෙවෙයි පොඩි ලියුමක් වත් තේරුම් ගන්න පුලුවන් මට්ටමට අඩුමතරමින්

5.ස්කෝලේ යන කාලේ ඉදන් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
මහා ලොකු බිස්නස් නෙවෙයි
පොඩි දෙයකින් පටන් ගනිල්ලා
ස්කෝලේ යන උන්ට පුලුවන් Film dvd , Cell phone වගේ බිස්නස් එකක් වත් කරන්න
කීය කීය හරි හොයාගත්තම බන් ඒක ගෙදරටත් උදව්වක්
දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
රස්සාවල් ඕනි තරම් බන්

6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි



හ්ම් දැනට හිතෙන විදිහට ඔච්චර
තව උඹලට හිතෙන විදිහට තව තව දාපල්ලා
සිංහල කොල්ලන්ගේ කොන්ද කඩලා බන් දැන්
හාමුදුරු වරු කියන්නේ සිල් රෙද්ද ඇදන් නවගුණ වැල ගනන් කරන්න කියලා
යකෝ නිවන් දකින්නත් අපිට රටක් ජාතියක් ඉතුරු වෙලා තියෙන්න ඕනි

Tuesday, October 9, 2012

අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්

අහිමි වුනු ආදරේට ලියමි

ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය
මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්
හීනෙන් වත් සිතුවේ නැති විදිහට 
අප ලං වුනා
ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස
ඒ දවස කෙතරම් ලස්සනද
ඔයයි මායි තනි වුන වාර අනන්තයි
ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න
මං පරිස්සම් වුනා
මං ඔයාව පරිස්සම් කලා
ඒත්...
මං මහ පොන්නයෙක්ලු
ඔයාව පරිස්සම් කරපු මං
වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
බලුපැටියෙක් හොයාගන්න එක
ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
ඔයා මේ පොන්නයව අත ඇරලා
සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා
ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ
ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්
අර සුපර්මෑන් එක්ක
රූම් ගානේ 
යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා
මං දෑහටම දැක්කා..
වේදනයි තමයි
ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා
ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා
ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා
අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්
ඒත් ඔයා....
අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා
දැන් අහන්න එපා කවුද කියලා
මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු
ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු
ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු
දෙවියෙනී
මං ගොඩක් ආදරේ කරපු ඔයා....
ඇයි මෙහෙම කර ගත්තේ...
මට තවත් ලියන්න බෑ ..
කදුලු වලට ඇස් බොඳ වෙලා....

අද දෙන්නයි යන්නේ



අම්මට හුඩු අකුණු ගහනවා
ගොරවනවා
බයත් හිතෙනවා
අදනම් නුගේගොඩට වහියි වගේ

ලැප් එක ඕප් කරලා සැප නින්දකට සෙට් වෙන්න ඕනි

මැද එක ඇයි බන් සුදු වෙන්නේ



මචං උඹලා දැකලා ඇති

ක්ලාස් වල
ස්කෝල වල

බස් ස්ටෑන්ඩ් වල
ලස්සන කෙල්ලෙක් හිටියොත් ගොඩක් වෙලාට ඒකිගේ යාලුවා කැත මගුලක්

එහෙම වෙන්නේ ඇයි බන්

අර ලස්සන කෙල්ලට කොල්ලෙක් නැති වුනාට
කලු මැට්ටිට කොල්ලෝ ඕනි තරම්



දුකයි සතුටයි හැමදේම

මචංලා
මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න ර‍ට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා
මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා

මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා
මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා
එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා

ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි
අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා

ඒ දවස් වල මූ සිගරට් එක පවා ‍බිව්වේ මගේ සල්ලි වලින්
මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා
උඹලා විස්වාස කරපන්
කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ
ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා 
මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක්
අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි
හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා


කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා


දැන් මූට රට‍ යන්න සෙට් වෙලා 
ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට
මුගේ පඩිය පටන්‍ගන්නෙම අසූවකින්

නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා
ඇත්තටම සතුටුයි.
ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි
මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින්