Monday, January 5, 2015

ඉන්දියන් බයික් එකක් ගම්මු

ඉන්දියන් බයික් එකක් ගම්මු


ජපනෙක් ගනින් ජපනෙක් ගනින් කිව්වට හැම මගුලටම ජපනා හරියන්නේ නෑනි බන්
පාන් ගෙඩියක් ගේන්න හොනට් එකකින් ටවුමට ගියොත් ඒකට ගහන පැට්‍රල් වලින් පාන් ගෙඩි තුන හතරක්ම ගේන්න පුලුවන්නේ
ඒක නිසා එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ලබ්බක්ම තමයි
ජපනා තරම් හැන්ඩි නැති වුනාට
පෙට්‍රල් කරන නිසා සාක්කුවට බරක් නැතුව රවුම් ගහගන්න පුලුවන්
ඒක නිසා හරි හමන් විදිහට තමන්ට ගැලපෙන ඉන්දියන් ලබ්බ තෝරගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු
ලංකාවේ ඉන්දියන් බයික් කියපු ගමන් අංක එකට ඉන්නේ බජාජ්
ඒක නිසා අද අපි බජාජ් බයික් ගැන කතා කරමු

මූලික වශයෙන් බජාජ් බයික් රේන්ජ් ගොඩක් තියනවා

caliber
Ct 100
boxer
Platina
xcd
Discover
Pulsur


CT 100


100cc එංජිමකින් බල ගැන්වෙනවා
දල වශයෙන් ලීටරයට ‍්‍ කිලෝමීටර් 60-70ත් අතර ප්‍රමාණයක් කරනවා. සමහරක් කියනවා මේකේ ලීටරේට කිලෝමීටර් 100ක් යන්න පුලුවන්ලු
එහෙම පුලුවන් පල්ලම් වල නියුටල් ගහලා කදු වල තල්ලු කරන් ගියොත්.
නව යතුරුපැදියක මිල 157ක් පමණ වන අතර
භාවිතා කරන ලද එකක් නම් 50 සිට ගතහැක
එදිනෙදා භාවිතයට යෝග්‍ය මෙය දුර ධාවනයට නම් සුදුසු නැත
දුර ධාවනයේදී අධික වෙහෙසක් දැනේ
සහ අධික වේගයෙන් ධාවනයේදී පාලන කිරීමට අපහසුය
එමනිසා කිලෝ මීටර් 100ක පමණ දුර වල් යතුරුපැදියෙන් නොයන අයට හංදියට ලන්දට බාර් එකට යන්න කියාපු භාණ්ඩේ. නමුත් අලුතින් එන මොඩල් එකහි බෝර් එක ඉතාමත් වේගයෙන් ගෙවීමට ලක්වේ
මෙම මාදිලියේ වැඩියෙන්ම දෙවනි මිල ඇත්තේ ඉදිරිපස පෙට්‍රල් මීටරය ආපු ඒවාට වේ.
දුර පදින්න අදහසක් ඇත්තේම නැත්නම් විතරක් මේකක් ගන්න



Caliber

එදා මෙදා තුර බජාජ් එකෙන් ගහපු පට්ටම බයික් එක
තෙල් කිරිල්ලයි අනිත් හැමදේමයි බැලන්ස්
115 එංජිම වුනාට පට්ට පිකප් අප්
ඒ වගේම සුපිරියට තෙල් කරනවා
මේ වගේ එංජින් ලේසියෙන් ගෙවෙන්නේ නෑ
අතවත් තියපු නැති එංජිම් තියන කැලිබර් තාම ලංකා වේ පාරවල්වල දුවනවා
සාමාන්‍යයෙන් 50 සිට 70 දක්වා මිලකට දෙවනි වෙලදපොලේ අලවි වනවා
ගන්නවනම් ඉදිරිපස ඩිසක් බ්රේක් මාදිලියක් ගන්න
දුර පදින්න අවුලක් නෑ
ගැස්සිලි පැද්දිලි අඩුයි


අනිත් ටික වෙන තෙඩ් එකක් දාන්නම් මචංලා
අපේ ගේ ගාව චන්ද රැස්වීමක්
‍පොඩ්ඩක් හොට දාලා එන්නම්

1 comment:

  1. මම හිතන්නේ අපි කවුරුවත් දන්නේ නැති වුණත්, වැඩි දෙනෙක් ගණන් ගන්නේ නැති වුණත්, අපේ රටේ මාර්කට් එකක් නැති වුණත්, මෝටර් මැකෑනික්ලා කියන විදිහයට එංජින් රෙපයාර් අඩුවෙන්ම එන තව බයික් වර්ගයක් තියෙනවා. ඒ .තමයි චීනෙ හදන බයික්. බොරු නම් මැකෑනික් කෙනෙක්ගෙන් අහලා බලන්න. පෙට්‍රල් කරන එක ගැන නම් කතා දෙකක් නැහැ.

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න