Thursday, September 23, 2010

අද වැස්සා...මාර ජොලි

බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තාට මොකද තාම වැදගත් කියලා කියන්න පුලුවන් එකක් ලියාගන්න බැරි වුනා...

කස්ටිය කියනවා ලංකාවේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයලු....

බම්බුවේ නිදහස තමයි ඒක..

පොඩි එකෙක්ව නිදහසේ පාසලකට දා ගන්න බෑ

තමන් කැමති විෂයක් කරන්න බෑ

තමන් කැමති විෂයක් තමන් කැමති ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න බෑ...

තව තව කරුණු තියෙනවා මං ඒවා පස්සේ කියන්නම්...

ඒ මොක වුනත් මං බය නැතුව කියනවා ලංකාවේ තියෙන්නේ නොමිලේ දෙන අධ්‍යාපනයක්...

නොමිලේ දෙන හින්දාද මන්දා ඒකේ කිසි ගතියක් නෑ


ඔහ් මං කියන්න හැදුවේ අධ්‍යාපනය ගැන නෙවෙයි...

කොහොමහරි තියෙනවයි කියන නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න අපිට නිදහසක් ඇත්තේම නෑ..

ඉතින් තාරුණ්‍යයේ සුන්දරත්වය උපකාරක පන්තියනට පූජා කරලා එකෙන් එලියට බැහැලා බෝඩිමට ඇවිල්ලා

බත් කටවල් දෙකක් කන්න හම්බ වුනේ නෑ..

පටන් ගත්තා මාර වැස්සක්..

හැබැයි...

මාර ආතල්...

මට මිදුලට පැනලා තෙමෙන්න හිතුනා....

ඒත් බෑ හෙම්බිරිස්සාව හැදුනොත් තව කචල් එකක්...


ඉතින් මොනවා කරන්නද///
ජ‍නේලයකුත් ඇරන් මං මිදුල දිහා බලං හිටියා...

දිය බිංදු ආසාවෙන් පොලොව සිප ගන්නවා....

ගමේ ඉන්නකොටනමි වහින වෙලාවට වැඩ ගොඩයි..

ඒත් මේ කො‍ළොම්පුරේ ඒ ජොලි වැඩ කරන්න බෑ

වහින්නේ නැති දවස් වලට කොළඹ කාන්තාරයක් වගේ...

දවසට පැයක් දෙකක් වත් වහිනවානම් මරු...

ඒත් වහින්නේ නෑ

ගහක් යට සෙවනේ ඉන්න කොට තියෙන ආතල් එක....
දිය ඇල්ලකින් නාන කොට තියෙන ආතල් එක කොළඹ ඉන්න කොට ගන්න බෑ..

ඒ වෙලාවට තමා සේරම දමලා ගහලා ගමේ දුවන්න හිතෙන්නේ...


කොළඹ කිරි ගමට කැකිරි හින්දානේ මේ ඔක්කෝම කචල්...

ලං කාවේ හැම පලාතක්ම එක වගේ දියුණු වෙනවනමි මරු..

හැබැයි දියුණු වෙනවා කියලා මේ ගස් කොලන් ටික විනාශ කරලා වැඩක් නෑ..
ඒවත් පරිස්සම් කරගෙන තමා දියුණු වෙන්න ඕනි...

අනේ මන්දා පිස්සු හැදෙනවා මේවා ගැන කියන්න ගියහම..

රෑට කොච්චර වැස්සත් කමක් නෑ..
උදේටන් වහින්න එපා..

ඉස්කෝලේ යන ළමයි පව්...
රුකියා වලට යන අයත් පව්...
මාත් පව්....
මාත් පව්...

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න