Friday, October 22, 2010

අද විජේරාමේ.....අපිට හුලං....

අද පෝය...ඒ කියන්නේ අද නිවාඩු...
කලකට පස්සේ නිවාඩුවක් හම්බ වුණු හින්දා...
ටිකක් දවල් වෙනකන් නින්ද ගියා...
ටිකක් කිව්වට 9 වෙනකන් නින්ද ගියා..

‍ලහි ලහියේ ලෑස්ති වෙලා ආවා කෑම කන්න විජේරාමෙට..

අප්ප‍ට සිරි ගජ..

රතු කැකුල ආදී කඩවල් වහලා..

අම්බානකට බඩගිනී..

පොඩි සර්ච් පාරක් දැම්මා..

දෙයියෝ බැලුවා වගේ..

එක කඩයක් ඇරලා..

ඒක අස්සේ සෙනග ගොඩයි..

ගේමක් දීලා රිංගුවා ඇතුල්ටම...
පැන්නා පුටුවක් උඩට ,
අතත් දොවනය කරන් ලෑස්ති වුනා පාතරාසය වලදන්න..

මල්ලි මාලු කෑම එකක් ගේන්න...

මං ටිකක් සද්දේ දාලා කිව්වා..

පොඩි කොල්ලෙක් මං ගාවට ඇවිත්..

මහත්තයා, බත් නම් ඉවරයි. ඉදිආප්ප ගේන්නද කියලා ඇහුවා..

අපොයි කාලා ඉවරයි..

මං ඒ ගමන කඩේ උන්ට ඔරවලා ආවා එලියට..

ඒ ගමන කඩයක් තියනවා පේන්න ඈත..

ගාට ගාට ගියා ඒකට...

දැන්නම් බඩ ගිනී ගොඩක්..

අපොයි..
එකෙත් බත් ඉවර වෙලා..

පාන් විතරයි..

ඒ ගමන පාන් ගෙන්න ගත්තා..

කුකුල් මස් හොදි එකකුයි පාන් ගෙඩියකුයි කෑවා..
(එච්චරයි කඩේ තිබ්බේ)

කිරි එකකුත් බීලා..

බිල ගේන්න කිව්වා

මෙන්න මට මේකා ගෙනල්ලා දෙනවා රු 175ක බිලක්..

මං ඇහුවා ඇයි මේ කියලා..

කුකුල් මස් කරි එකට රු 95 ක් ලු..

කිරි එකට 30 ක්ලු

පාන් රාත්තලට‍ 55 ක්ලු

වෙනදට උදේට බත් කන්න යන්නේ රු 40යි..

මොනවා කරන්නද බිල ගෙවලා මං ආවා..





No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න