Monday, December 3, 2012

අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ‍ගැනේ

අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ‍ගැනේ


මෙතන් සිට මම ආනාපානසති භාවනාව සිදු කරන ආකාරය සහ ඊට අදාල අනිකුත් දෑ පිලිබදව ඔබව දැනුවත් කිරීමට උත්සහ කරමි
මෙහි අතිවිශාල කොටස් ගණනක් ඇති බැවින් 
එක් එක් තෙඩය බැගින් දැමීමට බලාපොරොත්තු වෙමි
මේ කර්තෘව්‍ය ඔබගේ උනන්දුව මත රදා පවතිනු ඇත
මෙහිදී වඩා නිවැරදි කරුණු සපයා ගැනීම පිණිස පොතපත ඇසුරින් ලිය ඉදිරිපත් කරමි.




මෙරට බොහෝ පිරිස් විවිධ අරමූණූ ඇතුව භාවනා කරති
සමහරු නීරෝගී සුවය පතා භාවනාකරති
තවත් අය අධිමානසික හැකියාවන් ලබාගැනීමට භාවනා කරති
තවත් පිරිසක් මාර්ග පල ලබා සංසාරෙන් එතෙර වීම පිණිස භාවණා කරති

මෙලෙස භාවනා කරන අයගෙන් 90% වඩා ප්‍රගුණ කරන එක් ප්‍රධාන භාවනා ක්‍රමයක් නම් ආනාපානසතියයි

කෙසේ නමුත් බොහෝ යෝගීන් භාවනා කරන්නේ සැමදා බාලාංශයේ සිටින්නන් වගේ
ඔවුහු සරල අභ්‍යාස දිගින් දිගටම ප්‍රගුණ කරමින් මනසට වද දෙති
තවත් අය සැබෑ අනාපානසතියයි සිතා වැරදි අභ්‍යාස ප්‍රගුණ කරති

මේ තාක් සියලු බුදුවරුන් උත්පත්තිය ලැබුවේ ආනාපානසතිය වැඩීමෙනි
ආනාපානසතිය වඩන යෝගියා ඉතා කෙටි කලකින්ම ධ්‍යාන ලබයි
අනාපනසතිය වඩන යෝගියා අනාගාමී ඵලය හෝ රහත් ඵලය යන ඵල දෙකෙන් එකකට පත්වෙයි
ආනාපානසතිය වඩන යෝගියා‍ට තමා මිය යන දිනය කීමට තරම් අවබෝධයක් පහල වෙන බව විසුද්ධි මාර්ගයේ දැක්වේ

ආනාපානසති භාවනාව විවිධා කාර කායික පීඩාවන්ට දිව්යට ඔසුවක් වැනිය
මේ භාවනාව නිතර වඩන අය දක්ෂ වෛද්‍යකවරුන්ට පවා සුව කල නොහැකි රෝගවලින් සදහටම සුව ලබති

තවද ආනාපානසතිය වඩන යෝගියා ඉතා පහසුවෙන් තමාට රිසි සේ ධ්‍යාන ගතවේ
නිවැරදිව ආනාපානසතිය වඩන කිසිවෙකුට කිසිදු අතුරු ආබාධයන් ඇති නොවේ
මේ භාවනාව උමතු වූවන්ට හැර අන් සියලු දෙනාටම සුදුසු බව සූත්‍ර පිටකයේ දක්වා ඇත
අනාපානසතිය වඩන යෝගියා ඉතා වේගයෙන් ආධ්‍යත්මික ඉලක්කය කරා ලගා වේ

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න