Monday, December 3, 2012

ආනාපානසතිය දෙවනි දේශනය

දේශක : chanakacm

මාතෘකාව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍: භාවනාව සම්බන්ධ යෙදුම්

භාවනාව පිලිබඳ මූලික ඉගැන්වීම් කිහිපයක් දැන සිටීම ඔබේ යහපතට හේතු වේ
මේ පාඩම් මාලාවේ දුරවබෝධ තැන් මෙතැන් සිට විස්තර වේ

සමථය :- සිත එක අරමුණකට ගෙන ඒමේ අභ්‍යාස ක්‍රමය

විදර්ශනාව :- ගැඹුරින් විමසා බලා ඇති තතු දැනගැනීමේ අභ්‍යාස ක්‍රමය

පරිකර්ම නිමිත්ත :- භාවනාවට අරමුණු කර ගන්නා නිමිත්ත

උද්ග්‍රාහ නිමිත්ත :- භාවනා කරද්දී සිතේ ඇඳී යන වෙනස් වන සුලු නිමිත්ත

ප්‍රතිභාග නිමිත්ත :- භාවනා කරද්දි ‍සිතෙහි ඇ‍ෙඳෙන නෙවෙනස් වන නිමිත්ත

උපචාර සමාධිය :- ධ්‍යාන වලට වඩා පහත් මට්ටමේ සිත එකඟ වීමකි

ඒකාග්‍රතාව : සිත එක අරමුණකට පැමිණීම

අර්පණා සමාධිය :- ඒකාග්‍රතාව සහිත සමාධියයි

අනිමිත්ත සමාධිය :- නිමිති අතහැර සමාධි‍වීමේ අවස්ථාව

විදර්ශනා සමාධිය :- විදර්ශනා භාවනාව තුලින් සිතෙහි ඇතිවන එකඟවීම

ආනන්තරික සමාධිය :- මාර්ගඵල ලැබීමට පෙර සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව සහිත ගැඹුරු විදර්ශනා සමාධිය

අභිංඥා :- සුවිශේෂි අධිමානසික හැකියාවන්


සෘද්ධි :- විවිධාකාර ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂතාව

සතිපට්ඨානය :- මනාකොට සිහිප පිහුටුවීම

විදර්ශනා ඥාන :- සත්‍යවබෝධයට උපකාරී ‍වන විශේෂ අවබෝධතා ඥාන

විතර්න :- අරමුණක් හිතට ගැනීම

විචාර :- අරමුණක් හිතෙන් විමසීම

ප්‍රීති :- සිතට දැනෙන සුවය

සුඛ :- කායික සුව

උපේක්ෂාව :- සිතෙහි ඇති මැදිහත් ගුණය

සමාපත්තිය :- සිත සසල නොවන සිත සමව පිහිටන මානසික තත්ත්වයන්

මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

නිවන :- පුනරුත්පත්ති දාමය සිඳ දැමීම

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න