Friday, January 11, 2019

අවුරුද්දේ හැමෝටම තෑග්ගක් ලාබෙට වින්ඩෝස්...

ලාබෙට වින්ඩෝස් මෙන්න ගන්න   oem key අඩුවට


Link       Oem key




Tuesday, July 25, 2017

රස්තියාදුකාර ගුරුතුමා..

රස්තියාදුකාර ගුරුතුමා...
"සර් කාලද ඉන්නේ"
"එන්න සර් අපේ කෑම එකෙන් කමු"
"සර්ටත් එක්ක හෙට කෑම එකක් ගේන්නද"
"සර් බෝඩිමේ කෑම එපා වෙන්නේ නැද්ද"
"අනේ සර් නාරං ගෙඩි තුනක් තිබ්බා මං උදේ දැක්කේ සර්ට ගෙනාවා"
"පිස්සු කෙලින්න එපා සර් යං කන්න"
රස්තියාදුකාර සර්ගේ උන්ට සර්ට appple iphone අරන් දෙන්න සල්ලි නැත.
සර්ගේ freelance animation rendering කරන්න ලොකු කම්පියුටර් නැත.
ඒත් ඒ දුප්පත් උන්ට රස්තියාදුකාර සර් ගේ බඩගින්න ගැන ලොකු කැක්කුමක් ඇත.
බත්පත දී සර් ගේ බඩ ගින්න නිවා උන් බඩගින්න ඉන්න වුවත් ලෑස්තිය. මිල මුදල්ග අඩුවුවත් රස්තියාදුකාර සර් තෘප්තිමත් වන්නේ උන්ගේ මනුස්සකම් ,ගුරු ගෞරවය දැකලය.
"සර් මේ පෙට්ටියේ කේක් තියෙනවා සර් ගෙනහින් තනියෙන් කන්න, අම්මා කිව්වා සර්ට ෆෑන් කේක් හදලා දෙන්න ඕනි කියලා."
මුන්ට සර්ව KFC එක්ක යන්න වත්කමක් නැත. ඒත් ඒ දුප්පත් හිත් පුරා සංග්‍රහශීලිත්වය ඇත.
කෙදිනක හෝ උඹලා රස්තියාදුකාර ගුරුතුමාගෙන් වෙන්ව යනු ඇත.
ලොකු මිනිස්සු වෙලා ගුරුතුමා⁣ගේ දැනුමෙන් හම්බ කරන කල 8.8% බෝතලයක් අරගෙන රස්තියාදුකාර සර්ව හම්බ වෙන්න එන්න (සර් ලොකු සැර භාවිතයක් නැත).

Saturday, January 14, 2017

මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..

පොර ටෝකක් දෙන්න ආවේ..
මගේ ජීවිතේ මෑත වසර 7 වගේ කාලය තුල වෙච්චි දේවල් ටික කියන්න ආවේ..
ගන්න දෙයක් තියෙනවනම් ගනින්





2009- උසස් පෙල ලියන්න හිටියේ ලිව්වේ නෑ
2010- උසස් පෙල උසස් විදිහට ඇන ගත්තා (ගණිත අංශයෙන් )
2011 - උසස් පෙල උසස් විදිහට එපා වෙලා බිස්නස් එකක් පටන් ගත්තා (බයික් විකුණන්න )
2012 - අවුරුදු 21 මං හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ගෙනවා... අම්මා වලියක් දාලා වික්කා ...බිස්නස් කරන ගමන් තීඩී ඇනිමේෂන් ඉගෙන ගත්තා..ලොකු තැනක ටික කාලයක් ටේනින් වුනා
2013- තාත්තා අසනීප වුනා.. තාත්තා වෙනුවෙන් බෙහෙත් කරන්න හැමදේම කැප කරන්න වුනා..අන්තිමේදී අගෝස්තු වෙනකොට තාත්තා අන්ත්‍රාවුනා
මේ කාලේ වෙනකොට මාව බිස්නස් එකෙන් දුරස් වුනා..බිස්නස් එක බලා ගත්තේ මස්සිනා කෙනෙක්. මගෙන් ලක්ෂ ගාණක් ගහලා...හැම අතේම ණය
ලක්ෂ 15 කට වැඩියි ණය..ඉඩමක් විකුණළා ඒවා ගෙව්වා
2014 - ජීවිතේම වැඩිම කට්ටක් කාපු කාලේ බයික් හොයන්න ණයට අරගන්න මේ දවස්වල වෙරෝන් කියන හාදයා තමයි ගොඩක් උදව් කලේ තාමත් එහෙමයි .. බිංදුවට වැටිලා හිටිය බයික් සේල් එකේ බිස්නස් හදලා තීවිල් විකුණන්නත් පටන් ගත්තා..
ආයෙම 3d ඉගෙන ගන්න යොමු වුනා..
2015- ගොඩක්ම සමාජ සේවයට යොමුවුණු කාලේ. විජිත කියන කෙනත් එක්ක පදනමක් හදාගෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රය ඇතිව ලොකු ලොකු පිං කම් කලා..මට 2015 අගෝස්තු වෙනකොට දේශබන්ධූ කියන ගෞරව නාමය ලැබුණා..ව්‍යාපාරයත් දියුණු කරගෙන මල්ලිවත් ඒකට සම්බන්ධ කරගත්තා
2016- ඉගෙන ගත්ත තීඩී උගන්වන්න ආරාධනාවක් ආවා..ව්‍යාපාරය මල්ලිට බලාගන්න පවරලා
ප්‍රසිද්ධ තැන තිමාණ සජීවීකරණ උපදේශකයෙක් වුනා. ඒ අතරතුරු ෆීලාන්සින් වැඩ වලටත් බැස්සා..උසස් පෙලත් කෙලවගෙන එදා අතරමං වෙලා හිටිය මම ළමයින් පාර පෙන්වන කෙනෙක් වුනා.. ඇත්තටම ලමයි සර් කියනකොට
මාර ගැම්මක් හිතට එන්නේ

2017 මේක තමයි විශේෂම දේ...ආයුර්වේදය ඉගෙන ගන්න ආයුර්වේද ශිෂ්‍යයෙක් වුනා...
මටම සංතෝෂයි

උසස් පෙලින් බිංදුවට වැටුණ මං
අද වන විට

ව්‍යාපාරිකයෙක්
පරිගණක උපදේශකයෙක්
ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියෙක්
ආයුර්වේද වෛද්‍ය සිසුවෙක්
සාමාජ සේවකයෙක්

එක පුද්ගලයෙක් චරිත රැසක් කරන්න උදව් කරපු හැමෝටම පිං

Friday, July 31, 2015

පලවෙනි එංජිං සැත්කම


අද පෝය දවස වුනත් ගෙදර ඉන්න කම්මැලි කම නිසා සර්විස් එක ඇරියා...

ටිකක් දවල් වෙනකොට අපේ බාස්ට මැසේජ් එකක් ආවා jeep එකක එංජිමට කෙලවෙලා බලන්න එන්න කියලා
ගිහින් බැලුවා බබා හම්බ වෙලා සැත්කම කරන්න වෙනවා

සර්විස් එකට ඇදගෙන ගෙනවිත් දැම්මා..

බාස් කාරයා ලෙඩ වෙලා නිසා ඌට එංජිම ගලවන්න අමාරුයි කිව්වා

මටයි මල්ලිටයි රථ ගාය තියන නිසා
පණ්ඩිත කමත් ලොකුවට තියන නිසා ටූල් ටික අරන් සෙට් වුනා එංජිම ගලවන්න

පට්ට ආතල් බන් වැඩේ

ජිවිතේ පලවෙනි පාර වාහනෙක එංජිමක් මෙහෙම ගලවන්නේ

මචං ටිකත් ගාගෙන තෙල් නාගෙන සිගරට් එකත් පත්තු කරගෙන වැඩ කරනකොට මාර ජොලි බන්

පැය හතරක් යනකොට බඩු බාලා
බඩු බනිස් කරලත් ඉවරයි
හෙට පංචිකාවත්තේ රවුමක් දාන්න ඕනි

මැකෑනික් වැඩේ පට්ට ආත්ල් බන්

කොල්ලෙකු වුනහම මචං පොඩ්ඩක් ගා ගෙන වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනි

බාස් කාරයත් ලග තියාගෙන ගලවපු නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බන්


මාර සංතෝසෙන් බන් ඉන්නේ
ගෙදර ආවට මචං ටික සෝද ගන්න හිතෙන්නේ නෑ
එකත් ජොලි

Tuesday, June 9, 2015

ජීවිතේ සැනසිල්ල

ජීවිතේ දැන් අවුරුදු 25ක් ගෙවිලා 
ඒ කියන්නේ මගේ ජීවිතෙන් භාගයක් ඉවරයි
තව ජීවත් වෙන්න තියෙන්නේ භාගයයි
ඒ භාගේ ජීවත් වෙන්න දරන්න බැරිතරම් ලොකු වාහනයකුයි
ගේකුයි අරගෙන ඉතුරු අවුරුදු 25ම ණය ගෙව ගෙවා ඉන්නවට වැඩය හොන්දයි
පුංචි පහේ කාර් එකක් අරගෙන් පොඩි ගේ පොඩ්ඩක් අරගෙන
ඉතිරි අවුරුදු විසි පහ නිවී හැනහිල්ලේ ජීවත් වෙන එක
ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරිලා යනවට වඩා
ලෝකෙට දුප්පතෙක් වෙලා මානසික සහනයෙන් පොහොසතකේ වෙලා
නිවි හැනහිල්ලේ මැරිලා යන එක සැපයි

Monday, January 5, 2015

ඉන්දියන් බයික් එකක් ගම්මු

ඉන්දියන් බයික් එකක් ගම්මු


ජපනෙක් ගනින් ජපනෙක් ගනින් කිව්වට හැම මගුලටම ජපනා හරියන්නේ නෑනි බන්
පාන් ගෙඩියක් ගේන්න හොනට් එකකින් ටවුමට ගියොත් ඒකට ගහන පැට්‍රල් වලින් පාන් ගෙඩි තුන හතරක්ම ගේන්න පුලුවන්නේ
ඒක නිසා එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ලබ්බක්ම තමයි
ජපනා තරම් හැන්ඩි නැති වුනාට
පෙට්‍රල් කරන නිසා සාක්කුවට බරක් නැතුව රවුම් ගහගන්න පුලුවන්
ඒක නිසා හරි හමන් විදිහට තමන්ට ගැලපෙන ඉන්දියන් ලබ්බ තෝරගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු
ලංකාවේ ඉන්දියන් බයික් කියපු ගමන් අංක එකට ඉන්නේ බජාජ්
ඒක නිසා අද අපි බජාජ් බයික් ගැන කතා කරමු

මූලික වශයෙන් බජාජ් බයික් රේන්ජ් ගොඩක් තියනවා

caliber
Ct 100
boxer
Platina
xcd
Discover
Pulsur


CT 100


100cc එංජිමකින් බල ගැන්වෙනවා
දල වශයෙන් ලීටරයට ‍්‍ කිලෝමීටර් 60-70ත් අතර ප්‍රමාණයක් කරනවා. සමහරක් කියනවා මේකේ ලීටරේට කිලෝමීටර් 100ක් යන්න පුලුවන්ලු
එහෙම පුලුවන් පල්ලම් වල නියුටල් ගහලා කදු වල තල්ලු කරන් ගියොත්.
නව යතුරුපැදියක මිල 157ක් පමණ වන අතර
භාවිතා කරන ලද එකක් නම් 50 සිට ගතහැක
එදිනෙදා භාවිතයට යෝග්‍ය මෙය දුර ධාවනයට නම් සුදුසු නැත
දුර ධාවනයේදී අධික වෙහෙසක් දැනේ
සහ අධික වේගයෙන් ධාවනයේදී පාලන කිරීමට අපහසුය
එමනිසා කිලෝ මීටර් 100ක පමණ දුර වල් යතුරුපැදියෙන් නොයන අයට හංදියට ලන්දට බාර් එකට යන්න කියාපු භාණ්ඩේ. නමුත් අලුතින් එන මොඩල් එකහි බෝර් එක ඉතාමත් වේගයෙන් ගෙවීමට ලක්වේ
මෙම මාදිලියේ වැඩියෙන්ම දෙවනි මිල ඇත්තේ ඉදිරිපස පෙට්‍රල් මීටරය ආපු ඒවාට වේ.
දුර පදින්න අදහසක් ඇත්තේම නැත්නම් විතරක් මේකක් ගන්න



Caliber

එදා මෙදා තුර බජාජ් එකෙන් ගහපු පට්ටම බයික් එක
තෙල් කිරිල්ලයි අනිත් හැමදේමයි බැලන්ස්
115 එංජිම වුනාට පට්ට පිකප් අප්
ඒ වගේම සුපිරියට තෙල් කරනවා
මේ වගේ එංජින් ලේසියෙන් ගෙවෙන්නේ නෑ
අතවත් තියපු නැති එංජිම් තියන කැලිබර් තාම ලංකා වේ පාරවල්වල දුවනවා
සාමාන්‍යයෙන් 50 සිට 70 දක්වා මිලකට දෙවනි වෙලදපොලේ අලවි වනවා
ගන්නවනම් ඉදිරිපස ඩිසක් බ්රේක් මාදිලියක් ගන්න
දුර පදින්න අවුලක් නෑ
ගැස්සිලි පැද්දිලි අඩුයි


අනිත් ටික වෙන තෙඩ් එකක් දාන්නම් මචංලා
අපේ ගේ ගාව චන්ද රැස්වීමක්
‍පොඩ්ඩක් හොට දාලා එන්නම්

Tuesday, August 26, 2014

ම‍ට මගහැරුනු මගේ තාත්තා


තාත්තා නැතුව ජීවිතේම පාලුයි
මීට අවුරුද්දකට විතර කලින්
අපේ තිබ්බ ඒ සුන්දර ජීවිතේ ආයේ කවදාවත් එන්නේ නෑ
අපේ පවුලටම තිබ්බ ලොකුම හයිය තාත්තා
අපි නොසිතූ මොහොතක
අපිව දාලා දෙවියලෝකෙට ගියා
 

Tuesday, February 25, 2014

ගිය අවුරුදේදේ අගෝස්තු 15
මගේ ආදරණීය තාත්තා මේ ලෝකේ හැර දාලා
අපිව තනිකරලා ගියා.......


අද මම මගේ ලැප් එකේ පරණ ෆයිල්ස් වගයක් චෙක් කරනකොට
පෝන් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග් ටිකක් තිබ්බා

ඒවායේ තිබ්බේ මගේ ආදරණිය තාත්තා ගේ
ආදරණී ය කටහඩ
අමතක කරගෙන
හිතේ තද කරගෙන හිටිය හැම දුක් කන්දරාවක්ම ආයේ මතු වුනා මචං

මං මේක ටයිප් කරන්නේ ඇස්වල කදුලු පුරවගෙන
මට හයියෙන් කෑ ගහලා අඩන්න බෑ
මං අඩනවා දැක්කොත් අම්මයි මල්ලියි අවුල් වෙනවා


මගේ ලගින් ඉන්න ඕනිම කාලේ ඇයි තාත්තේ අපිව දාලා යන්න ගියේ

Wednesday, February 12, 2014

නිදිමතයි

උදෙන්ම නැගිට්ටට මොකද 
දැන්නම් නිදි මතයි
ඉස්සරම මං ආසම වාහනේ බයිසිකලේ
ඒත් දැන් මට පේන්නම බැරි වා‍හනෙත් බයිසිකලේ

Sunday, February 9, 2014

ගුප්ත විද්‍යාව

කවුරුත්  විවේචනය කරන මෙම ශාස්ත්‍ර ක්‍රමවේදය ගැන පුලුල් විස්තරයක් ළගදීම

Friday, September 27, 2013

ආදරය පාලුව බූට් එක

මේ දුක කියාගන්න කවුරුත් නෑ
කෙල්ලත් එක්ක අවුරුදු දෙකක් යාලු වෙලා හිටියා
ඒකි මාව දාලා ගිහින් අවුරුදු 2ක් වෙනවා
අපි දෙන්න අතේම වැරදි තිබුනා
ඒත් ඒකි තරම් මං වැරදි කලේ නෑ
මාත් එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව කොල්ලෙක් එක්ක රවුම් ගහන්න තරම් ඒකි වල් වුනේ ඇයි.........
‍අනේ මන්දා

Friday, December 14, 2012

මතුරැකෙනා ශිල්පයමයි උගතමනා


පාලුව තනිකම යන්නත් එක්ක පොඩි කතාවක් කියන්න හිතුනා
ජොබක් නැතුව දගලන මාගේ යාලුවෙක් අද හම්බ වුනා
පොර ආර්ට් ඩිග්රියක් අරන් ඉන්නේ
දැන් කැම්පස් අවුටු වෙලා අවුරුද්දකට වැඩියි
තාම ජොබක් නෑ
මෑන් ගේ කතාව ඇහුවට පස්සේ මේ වගේ පොර‍ටෝක් තෙඩ් එකක් දාන්න හිතුනා
වෙනදා වගේම උදාහරණ ගන්නේ මං ගැනම ලොරි ටෝක් වලින්
නැත්නම් වැඩක් නෑනි බන්
හරි කතාවට බහිමු

දැන් කාලේ විදිහට මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

හැමදාම වගේ පොරටෝක් එකක් දෙන්නම්
මං මේ දවස්වල ප්ලෑන් කරන් යනවා 3d මොඩ්ලින් ඇන්ඩ් ඇනිමේෂන් කම්පැනි එකක් පටන් ගන්න ලාවට
අපේ අයිඩියා එක පිටරට කොම්පැනි වලට ඕනි මොඩල් / ගැපික් අයිටම් හදලා දෙන එක
මේක මට කරන්න අයිඩියා ‍ආවේ මං තීඩී සයිඩ් එක ගැන ඉ‍ගෙන ගන්න ටෙලිවිව් එකට ගියාට පස්සේ

ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නෑ
හැබැයි තව දෙයක් අපතේ නොයන දෙයක් තමා ඉගෙන ගන්න ඕනි
මේ දවස්වල රට යන හැටියට ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය සාහිත්‍යය වගේ දේවල් වලින් උපාධියක් ගත්තත් වැඩක් නෑ
ඒක නිසා අපි උත්සහගන්න ඕනි අලෙවිකල හැකි දැනුමක් ගන්න
ගොඩක් අය මාත් එක්ක මේ කාරනේ ට එකග නොවෙයි
ලබන අවුරුද්දේ උසස් පෙල ඉවර වෙනකන් ඉන්නේ යතුරුපැදි ඩීසල් හා පෙට්‍රල් වාහන වාහන අලුත්වැඩියා කරන පාඨමාලාවක් හදාරන්න
මොකද මං මේ දවස් වල කරන ව්‍යාපාරය අනුව ඒ ගැන ක්‍රමානුකූල දැනුමක් මට ඉදිරියේදි අවශ්‍ය වෙනවා

අද කාලේ විදිහට කුඹුරු කොටන්න ඉගෙන ගන්න කෙනාට මාර්කටින් ගැනත් ඉගෙන ගන්න වෙනවා
අපි උත්පත්තියෙන්ම කිසිම හැකියාවක් අරන් දෙන්නේ නෑ
මගේ දෙමාපියෝ මට පොඩි කාලේ ඉදන්ම සංගීත බාන්ඩ දුන්නේ නෑ
ඒක නිසා මට සංගීත බාන්ඩ ‍වාදනය කරන්න බෑ
මං ඒවා වාදනය කරන්න උත්සහ කලෙත් නෑ
ඒ වුනාට මං පොඩි කාලේ ඉදන්ම කැසට් රේඩියෝ ගැලෙව්වා
දැන් ඒවා ගැන දැනුමක් තියනවා

අපි මචං ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙන දෙයක් තමයි අපිට පත්තියම් වෙන්නේ
ගොඩක් උන් කරන්නේ ආතල් එකට යාලුවෝ කරනවට කෑල්ල යනවට කෝස් කරන්න යනවා
ඉංගීසි කෝස් කරනවා
මැනේජ්මන්ට් කරනවා
ඒ අස්සේ පාමසි කෝස් එකකුත් කරනවා
හැමදේම අච්චාරු වෙලා

තමන් කලින්ම පෝකස් කර ගන්න තමන්ගේ දක්ෂතා තියෙන්නේ මොන මොන ෆීල්ඩ් වලද කියලා
එක ෆීල්ඩ් එකකට විතරක් හිර වෙන්න එපා
විවිධ කේෂත්‍ර වල දක්ෂතා හදා ගන්න
එතකොට‍ ජොබ් නැතුව දගලන්න ඕනි නෑ
අනික අද කාලේ කම්පැනි කාරයෝ රස්සාවට ගන්න හදන්නේ එක පුද්ගලයෙක් චරිත රැසක් තියන අය
ඒ කියන්නේ
අපි හිතමු
3d animator කෙනෙක් ඉන්නවා ඌ ඒ වැඩේට දක්ෂයි
ඒ වුනාට අදකාලේ කම්පැනි කාරයට ඕනි
ඌට 3d animation පුලුවන් වෙලා
තව මදි පාඩුවට කැමරාකරන්නත් පුලුවන් වෙලා
ඕනි වුන වෙලාවට රියදුරු වශයෙන් වැඩ කරන්නත් පුලුවන් වෙන්න ඕනි
ඒ අස්සේ නිවේදනය කරන්නත් පුලුවන්නම් එල

බලපන් කම්පැනිකාරයා බලන්නේ පුද්ගලයෝ දහයක් ඕනි වැඩ එක මිනිහෙක් ගෙන කරගන්න
ඒක නිසා අපි හැම අතින්ම දක්ෂ වෙන්න ඕනි

තෙඩ් එක පැටලුනාද මන්දා
හිතේ තියන දේවල් ලියන්න බෑ බන් අත රිදෙනවා

උඹලගෙත් අයිඩියා දාපන්
එලකිරියේ ඉන්වවෙන් කැම්පස් වල ඉගෙන ගන්න
ලොකු රස්සාවල් කරන අයියලා
එයාලත් තමන්ගේ අදහස් එකතු කරන්න

දැන්නම් නිදිමතයි
තෙඩ් එකේ අවුලක් නම් කියපල්ලා

රෙප් දෙනවනම් දෙන්න

හැමදාම වෙනස් වෙනස රැකියා වෙලදපොල ගැන අවධානයෙන් ඉන්න
අලුත් අලුත් රැකියා අවස්ථා බිහිවෙනවා
අපි හීනෙන් වත් නොසිතන රැකියා අවස්ථා බිහිවෙනවා

ඒක නිසා keep in touch

Wednesday, December 5, 2012

3D Animation ‍ඉ‍ගෙන ගන්න අයට රස රහස්

පොඩි පොඩි කතා ටිකක් කියන්න කියලා තමයි ලෑස්තිය
පහු ගිය දවස්වල ගොඩක් අය මගෙන් අහලා තිබ්බා 3d animation ‍ඉගෙන ගන්න හොඳ ආයතන මොනවද කියලා
එතින්ම අද බයිලාව සහ පොරටෝක් පටන් ගන්න තමයි සූදානම

ඉඩ තියන තියන විදිහට වාඩි වෙන්නකොට


ඇත්තටම ලංකාවේ 3d animation ඉගෙන ගන්න තියන හොඳම තැන් මොනවද

කියන්න සතුටුයි එහෙම තැනක් තාම නෑ

එතකොට කොහොමද එක එක අය මරු මරු ඇනිමේෂන් කරලා තියෙන්නේ

ඒ කරන්නේ මෙහෙමයි බබාලා
සද්ද නැතුව අහගන්න මං සේරම බොරු ටික කියන්නම්
මේ ටික කියවලා රෙප් පොඩ්ඩක් දීලා
කමන්ටුවක් දාලා යන්න
ආයේ එන්න එපා



ලංකාවේ ඇනිමේෂන් උගන්වන තැන ගොඩාරියක් තියනව

Wijeya Graphic
Teleview
3D mind
බ්ල බ්ලා බ්ලා (මෙම දැන්වීම් රෙප් ගෙවා ප්‍රචාරය කරන ලදී)


මේ හැමතැනක්ම හොඳයි
ගොඩක් අය මෙතනින් තමයි පටන් අරන් තියෙන්නේ
මේ හැම තැනකම තම තමන්ට ආවේනික විදිහට උගන්වනවා
ඒ ඒ තැන්වලට අන්‍යනය වූ දේවල් උගන්වනවා


මේකයි කතන්දරේ මේ හැමතැනකම කරන්නේ මූලික දැනුම විතරයි
තවත ඉහලට ඉගෙන ගන්න කැමති අයට advanced diploma පාඨමාලා පවත්වනා

මූලික පාඨමාලාවේදි කරන්නේ

3d max
maya
ගැන උඩින අත ගාගෙන යනවා
මේ දැනුමින් සාමාන්‍ය දෙයක් කරන්න පුලුවන්
ඒ වුනාට ලොකු දෙයක් කරන්න අමාරුයි නෙවෙයි බැහැ

මේ පාඨමාලාවේදී කරන්නේ
Software වල තියන tools ගැන දල අවබෝධයක් දෙන එක තමයි කරන්නේ

ඒක නිසා ඔබ 3d පැත්තෙන් ඉදිරයට යන්න බලාපොරොත්තු වෙනවනම් මං පහත කියන දේවල් කරන්න වෙනවා

1. ඉතාමත් පැහැදිලිව මූලික දැනුම දෙන පාඨමාලාවක් හැදෑරීම
2. පදනම් පාඨමාලාවෙන් පසු ඉහල පාඨමාලා වලට සම්බන්ධ වීම
3.නිරන්තරයෙන් අභ්‍යාස කිරීම

මේ කරුණු ටික අනිවා කරන්න වෙනවා

තව දෙයකි
නෙට් එකේ ගොඩක් සයිට් වල තියනවා 3d animaton tutorials
වැල් බාන වෙලාවේ මේවා බාගෙන කරන්න වෙනවා
කිසිම පාඨමාලාවකින් ගන්න බැරි දැනුමක් මේ හරහා ගන්න පුලුවන්

ඒ වගේම තව දෙයක්
3d max/maya/poser/cinema 4d වගේ තිමාන සජීවිකරණ මෘදුකාංග විතරක් ඉගෙන ගත්තට මදි

මේ පැත්තෙන් ඉදිරියට යන්න ‍බලාපොරෙත්තු වෙනවනම් අනිවාර්යෙන්ම පහත මෘදුකාංග ගැන ඉතා ඉහල දැනුමක් අවශ්‍ය වෙනවා

Adobe Potoshop

ජායාරූප සංස්කරණයට යොදාගන්නා මෘදුකාංගයකි
තිමාන සජීවිකරණයේදී සාදාගන්නා අනුරූ වල‍ට වර්ණ සහ texture යෙදීමට මෙය භාවිතා වේ

Adobe Premiere

වීඩියෝ සංස්කරණ මෘදුකාංගයකි

Adobe AfterEffects

composting tool එකකි
විශේෂ ප්‍රයෝග යෙදීම සදහා භාවිතා කෙරේ
ඉතා වැදගත් මෘදුකාංගයකි



ඉහත මෘදුකාංග පිලිබදව සාමාන්‍ය මට්ටමේ නොව ක්‍රමානුකූල දැනුමක් තිබිය යුතුය‍‍.

තව විස්රත ‍ඕනිද
හරිම බෝරින් වගේ නේද
වැඩේ අත ඇරලා දාමුද


ඔයාලට දැන ගන්න දෙයක් තියනවනම් අහන්න 
ලැජ්ජා වෙන්න එපා

Monday, December 3, 2012

කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

මං පලමුව මාගේ අත්දැකීම් කිහිපයක් කියන්නම් මා ගැන කියූ අනාවැකි

1. මට වයස දාසයේදී හස්ත රේඛා මගින් සාස්ත කියන අයෙක් (පාරවල් අද්දර ඉන්න රොඩියෝ නෙවෙයි)මගේ අත බලලා කීවා ඔයා මේ දවස්වල ජීවිතේ නාස්ති කරගන්නවා
ඔයා ඔයාට තියන හැකියා වලින් ප්‍රයෝජන ගත්තොත් අවුරුදු 18 පටන් ආදායම් බදු ගෙවන්න වෙනවා
ඒ නැතත් අනිවාර්යෙන්ම ඔයාට අවුරුදු 21 22 වෙනකොට ඔයා ආදායම් බදු ගෙවන තත්ත්වෙට එනවා තමන්ගේ උත්සහයෙන්

මෙයා කියපු දෙය මට අමතකම වෙලා ගියා
මං ඒ දවස්වල පුල් පන් ලයිප් එකක් ගෙව්වේ රස්තියාදු ගැසීම අංක එක
ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් කලේ නෑ
ඒත් මට දැන් වයස අවුරුදු 22යි 
මම දැන් අදායම් බදු ගෙවන 
සේවයකයින්ට පඩි ගෙවන කෙනෙක්
(දැන් කියපන් ලොකුකම් කියවනවා කියලා)

2. මට වයස අවුරුදු දහනවයේදී නරක පුරුද්දක් නිසා නිව්මෝනියාවක් සෑදී මාව ජාතික රෝහල් ගත කලා
ඒ දිනවල කේන්ද්‍ර බලපු කෙනා කිවලු මෙයාට මේ දිනවල සෙම් රෝගයක් තියනවා
ඒක සෑහෙන්න බරපතලයි කියලා 
අම්මලා දුන්න සල්ලිත් එයා ආපහු දීලා පුතා සනීප වුනොතින් ඇවිත් පඩුරු දෙන්න කියලා
කේන්දර බලන කෙනා පඩුරු ආපහු දෙනවා කියන්නේ ගොඩ ගන්න ගොඩක්ම අමාරු කේස් එකක්
මාව දෙපාරක් මැරුනා
ඩොක්‍ටර්ස්ලට පිං සිද්ධ වෙන්න අද යන්තම් ජීවත් වෙනවා
මාව ලෙඩ වුනේ මාර්තු මාසේ
හරියටම සුව වුනේ ඔක්තෝම්බර් විතර
ඒත් තාමත් ඒවා‍යේ අතුරු ආබාධ තියනවා
(දැන් කියපන් තමන්ගේ බයිලා ගහනවා කියලා)

3.මට අවුරුදු 20 දී පමණ මාගේ කේන්දරය බලපු කෙනා කීවා 
පටලවන් ඉන්න චීත්ත කෑලි ගැලවෙනවා කියලා

මං ඒ දවස්වල ගර්ල් කෙනෙකුට ලව් කර කර හිටියේ
අපි ගොඩක් ආදරෙන් උන්න
මෙයා සාස්තරේ කියලා සති දෙකක් ඇතුලත මට කෙල්ලගේ වෙන එපයාර් එකක් අහුවුනා
(දැන් කියපන් බොරු කියලා, මගේ පරණ තෙඩ් බලන්න මං කතාව දාලා තියනවා)

4.මාගේ යාලුවෙක් හිටියා මෑන් ගර්ජ් කාරයෙක් පට්ට වැඩ්ඩෙක් 
ඒත් ගරාජ් දෙක තුනක් පටන් ගන්නවා
ආරම්භයේදී පට්ට වැඩ
පස්සේ බල්ලෙක් වත් එන්නේ නැට්ට දිග ඇරගන්නවත්
අන්තිමට නොකරපු සීන් එකකට මූට ගෙවන්නත් උනා
මං මෑන්ව එක්කන් ගියා කේන්දර බලන කෙනෙක් ගාවට

කේනදර බලන කෙනා මෙයා ගැන දන්නේ නෑ
ඒත් කේන්දරේ ගත්ත ගමන් කීවා
අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනාට මේ දවස්වල ඉනේ තියන රෙද්ද නැති වෙන 
ජාතියේ දේවල් වෙන්නේ කියලා
ඊට පස්සේ කීවා අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනා විශ්මකර්ම වැඩ කරන කෙනෙක් කීවා
(විශ්වකර්ම වැඩ කියන්නේ -වඩු වැඩ/ මේසන් වැඩ/මැකෑනික් වගේ දේවල්)

ඊට පස්සේ කරන්න කියලා වත් පිලිවෙත් ටිකක් දුන්නා
ඒ ටික කරලා සති දෙකක් තුනක් ඇතුලත මෑන්ට ජොබ් තුන හතරක් සෙට් වුනා
මාසයක් වගේ යනකොට මූට රට යන්න ආවා
දැන් පොර කටාර් වල වැඩ කරනවා


අනිත් කාරණය තමයි 
මේ දේවල් බොරුයි කියලා කවුරුත් ඔප්පු කරලා නෑ


විද්‍යාත්මක ක්‍රමයකින් මේ දේවල්

සත්‍යය බවවත් 
අසත්‍යය බවවත් ඔප්පු කරලා නෑ

කොවුපර් ද කවුද කියන කෙනා මේ ගැන පරීක්ෂණ පැවැත්තුවාලු
පවත්වලා මෑන් කීවලු මේවා බොරු කියලා

මෑන් උත්සහ කලේ මේවා බොරු කියලා කියන්න
මෑන් සෑමවිටම උතසහ කලේ මේවා බොරු යැයි කිව හැකි සාධක උලුප්පා පෙන්වන්න
වැඩි විස්තර පසුවට දෙන්නම්

හිතන්න චාල්ස් මාමා කොම්පීටර් එක ගැන හොයාගන්න කලින්
මිනිස්සුන්ට කවුරු හරි ඇවිත් කීවෝත්
ලැප් ටොප්/ facebook/ skype/ බෝඩබෑන්ඩ් ඉන්ටරනෙට්/ windows 8
dvd/wifi/webcamera/face detection technology/wireless mouse kb/
video editing/chorma key....etc

නැත්නම් මෙහෙම හිතපන්කෝ 
මීට අවුරුදු 2000 කට විතර කලින්
උඹට ( ඔවු ඔවු උඹේ ඒ ආත්මේ) කවුරු හරි දෙවියෙක් හරි මොකෙක් හරි ඇවිත් මේ ගැන කීවොතින් උඹ විශ්වාස කරයිද


ඒ වගේ තමා මචං

මේ දේවල් නවීන විද්‍යාවෙන් සත්‍යයැයි කියලත් නෑ බොරු කියලත් නෑ
එයාලා කියන්නේ මේ දේවල් ගැන නැවැරදි පරීක්ෂණ කල නොහැකි බවයි
ඒ කියන්නේ දැන් තියන යන්ත්‍ර සූත්‍ර වලට ඒවා අහුවෙන්නේ නෑ

ms dos පාවිච්චි කරන කාලේ උන්ට කීවානම් face detection සීන් එකක් ගැන උන් විශ්වාස කරයිද

මම මේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ

‍මගේ බුද්ධි මට්ටමේ හැටියට මේ දේවල් ගැන ගවේෂණය කරනවා

ඒක නිසා එකපාරටම මේ දේවල් බොරුයි කියලා අහක දාන්න එපා

මේ දේවල් වලින් යම් උපකාරයක් ගන්න තියනවනම් 
ඒ දේ ගන්න 
(දැන් ඉතින් මුගේ පොරටෝක් කියලා)

සමහර අය කියලා තිබ්බා 

බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි 
ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන්
බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ
(බුදුන්ගේ බලයට ඕවා යටයි)


තර්කයක් නැත ඒ දේවල් ගැන


හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න 
මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා

කේන්දර වල තියෙන්නේ පිං සහ පව් විපාක දීම් වල දල සටහනක්
බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා
ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා

නමුත් අප කරන ලද පාපකර්ම වල ප්‍රභලතාවය මත කලයුතු පිංකම් වෙනස් වීමක් වෙනවා
ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි
යන්ත්‍ර සකසා ගෙලපැලදීම වැනි දේ කෙරෙනවා

මාගේ ගෙලහි සුරයක් පලදා ඇත 
‍මා මලගෙයක් ලගින් ගියත් සුරේ පුපුරනවා
දැන් මේ එලස පිපිරීම නිසා දා ඇති හයවෙනි සුරයයි

යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් නොතබන‍ කෙනෙකුට උනත් ආරක්ෂාවක් බුදු දහමින් නොව බුදු දහම ඇසුරින් ගොඩ නගා ගන්න පුලුවන්

ඒ සදහා අපි බොදු කියලා කෑ ගැහුවට
පන්සල ට ගිහින් මල් පහන් පූජා කරන එක පමණක් කලාට
බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාට
බස් එකට ගොඩවන හිගන්නෙකුට රුපියලක් දීලා කෝටියක දේවල් පැතුවට හරියන්නේ නෑ

1. පිරිත් සජ්ජායනය ඇසුරින් ආර්ක්ෂාව සලසා ගන්න පුලුවන්
2.තමන් අනිවාර්යෙන් භාවනා ක්‍රම වල යෙදීමෙන් යම් මට්ටමකට පැමිණිය සිටිය යුතුයි
3.ස්ථීර අරමුණක් ඇතිව ජීවත් වන්නාහා ක්‍රියාවේ යෙදෙන්නකු විය යුතුයි
( ඒ කියන්නේ මේ ආත්ම භවයේදීම නිවන් අරමුණු කර ගැනීම/ බුදු බව පැතීම වැනි අරමුණක තදින්ම පිහිටන්නෙකු විය යුතුයි)

මෙවැනි කෙනෙකුට විතරයි බුදු දහමින් ආරක්ෂාවක් සලාසා ගන්න පුලුවන්

අනිත් සියලු අයට ගුප්ත විද්‍යාව ඇසුරින් තමයි පිහට සලසා ගන්න වෙන්නේ

ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

අපි මුලින්ම බලමු බෞද්ධයා කියන්නේ කවුද කියලා

සාමාන්‍ය දැනුම අනුවමනම් බෞද්ධයා කියන්නේ බුදුදහම අදහන කෙනා

ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැති වුනත් ටිකක් අවුල වගේ

මම විශ්වාස කරන ආකාරය අනුව නම්
යම් පුද්ගලයෙක් තම සංසාර ගමන කෙලවර ‍කර ගැනීමේ අදහසින් (ගිහි හෝ පැවිද)එය තම පරම අරමුණ බවට පත් කරගනිමින් කටයුතු කරයිද 
හෙතම ඔහු හෝ ඇය genuine බෞද්ධයෙකු වේ

මොකක්ද බොලේ මේ පොරටෝක් කාරයා කිව්වේ කියලා දැන් ගොඩක් ඈයෝ බලයි

ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් නලුවෙක් හෝ වෙන ඕනෑම අයෙක් විය හැක
ඒ ඔබේ ජීවන උපායමාර්ගගය

නමුතු ඔබ කුමන කේෂත්‍රයක වැඩ කලත් මම යම් දිනක නිවන් දකිමි යන සිතුවිල්ල අනුව හැසිරේ නම්
(ඒ කියන්නේ කඩේ බඩු විකුණන් ගමන් බන කියන එකවත්
වාහනය එලවනකොට භාවනා කරන එකවත් නෙවෙයි)
ඔබ නියම බෞද්ධයෙකි

නියම බෞද්ධයා කියලා කීවම ගොඩක් අයට සිහිවෙන්නේ
නිතරම සුදු ඇදගෙන සිටින
පන්සල් ගානේ නිතරම ගැවසෙන
බණ පොත් සහ නවගුණ වැල අතේ තියන් ඉන්න පොරවල්

මේ සමාජ තත්ත්වයන් අනුව එහෙම හැසිරීමේ අවශ්‍යතාවයක් නෑ
තමන්ට අවස්ථාව ලද සැනින් ධර්මය අවබෝධ කරගැනීමේ කටයුතු වල යෙදී
හැකි විට භාවනා වේ යෙදමින්
යම් පුද්ගලයෙක් කටයුතු කරයිද හේ නියම බෞද්ධයෙකි

කොල්ලෙක් ඉන්නවා 
විලාසිතා වලට බරයි
නවීන පන්නයට සැරිසෙනවා
යාලු වෙච්චි ගෑණු ළමයෙකුත් ඉන්නවා
මගුල් සාද සංගීත ප්‍රදර්ශන ආදියේ යනවා
ගීත අසනවා ‍චිත්‍රපටි බලනවා
දැන් ඔබ හිතනවා අනිවා ඌ රස්තියාදු කාරයෙක් වෙන්න ඕනි කියලා

හැබැයි මූ භාවනා කරනවා
බණ දහම් ඉගෙන ගන්නවා
ඒ අනුව කටයුතු කරනවා

දැන් බලයි මං කියන දේ පරස්පරයි කියලා

පරස්පර නෑ
ගොඩක් අය නියම බෞද්ධයෙක් කීවම ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ අටසිල් අනුව ජීවත් වෙන කෙනෙක්
ඒක වැරදි මතයක්

ගිහි අයට රැකිය යුත්තේ පන්සිල්

කලින් කිව්ව එකා 
බණ දහම් අනුව කටයුත් කරනවා කීවම අවුල් වගේද
බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ
ගිහියන්ට කසාදබඳින්න එපා
ගීත අහන්න එපා
ප්‍රිය සාද ආදියට යන්න එපා කියලා


යම් පුද්ගලයෙක් පන්සිල් රකිමින් ජීවත් වෙනවා නමුත් ඔහු පන්සිල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ
සත්තු මරන්නේ නෑ
අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නෑ
බ්ලා බ්ලා බ්ලා

නමුත් ඔහු ධර්ම ඉගන ගන්නේ නෑ
භාවනා ආදියේ යෙදෙන්නේ නෑ

එම නිසා ඔහු කෙතරම් යහපත් විදිහට හැසිරුණත් ඔහු බෞද්ධයෙක් නෙවෙයි

ඔහු යහපත් හැසීරීමක් තියන විනයවත් යහපත් පුද්ගලයෙක් පමණයි

නිතර දෙවේල් පන්සිල් ගත්තා හෝ නැතා
පෝයට පන්සල් ගියා හෝ නැතා

යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
ඒ අනුව ක්‍රියාවේ යෙදේ නම් ඔහු බෞද්ධයෙකි
ඔහුගේ හැසීරීම මා කලින් සදහන් කල යහපත් පුද්ගලයාගේ හැසීරීමට වඩා ගුණවත් වූවකි

එහෙම බැලුව අද සමාජයේ ඉන්නේ ‍genuine බෞද්ධයෝ ඉතාම සුලු ප්‍රමාණයයි

ආනාපානසතිය දෙවනි දේශනය

දේශක : chanakacm

මාතෘකාව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍: භාවනාව සම්බන්ධ යෙදුම්

භාවනාව පිලිබඳ මූලික ඉගැන්වීම් කිහිපයක් දැන සිටීම ඔබේ යහපතට හේතු වේ
මේ පාඩම් මාලාවේ දුරවබෝධ තැන් මෙතැන් සිට විස්තර වේ

සමථය :- සිත එක අරමුණකට ගෙන ඒමේ අභ්‍යාස ක්‍රමය

විදර්ශනාව :- ගැඹුරින් විමසා බලා ඇති තතු දැනගැනීමේ අභ්‍යාස ක්‍රමය

පරිකර්ම නිමිත්ත :- භාවනාවට අරමුණු කර ගන්නා නිමිත්ත

උද්ග්‍රාහ නිමිත්ත :- භාවනා කරද්දී සිතේ ඇඳී යන වෙනස් වන සුලු නිමිත්ත

ප්‍රතිභාග නිමිත්ත :- භාවනා කරද්දි ‍සිතෙහි ඇ‍ෙඳෙන නෙවෙනස් වන නිමිත්ත

උපචාර සමාධිය :- ධ්‍යාන වලට වඩා පහත් මට්ටමේ සිත එකඟ වීමකි

ඒකාග්‍රතාව : සිත එක අරමුණකට පැමිණීම

අර්පණා සමාධිය :- ඒකාග්‍රතාව සහිත සමාධියයි

අනිමිත්ත සමාධිය :- නිමිති අතහැර සමාධි‍වීමේ අවස්ථාව

විදර්ශනා සමාධිය :- විදර්ශනා භාවනාව තුලින් සිතෙහි ඇතිවන එකඟවීම

ආනන්තරික සමාධිය :- මාර්ගඵල ලැබීමට පෙර සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව සහිත ගැඹුරු විදර්ශනා සමාධිය

අභිංඥා :- සුවිශේෂි අධිමානසික හැකියාවන්


සෘද්ධි :- විවිධාකාර ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂතාව

සතිපට්ඨානය :- මනාකොට සිහිප පිහුටුවීම

විදර්ශනා ඥාන :- සත්‍යවබෝධයට උපකාරී ‍වන විශේෂ අවබෝධතා ඥාන

විතර්න :- අරමුණක් හිතට ගැනීම

විචාර :- අරමුණක් හිතෙන් විමසීම

ප්‍රීති :- සිතට දැනෙන සුවය

සුඛ :- කායික සුව

උපේක්ෂාව :- සිතෙහි ඇති මැදිහත් ගුණය

සමාපත්තිය :- සිත සසල නොවන සිත සමව පිහිටන මානසික තත්ත්වයන්

මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

නිවන :- පුනරුත්පත්ති දාමය සිඳ දැමීම