Wednesday, November 28, 2012

පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

අද පොඩ්ඩක් ඇහැරින්න පරක්කු වුනා

පෝය දවස නිසා ක්ලාස් ඒවා මේවා නිවාඩු

මූණ කට සෝදලා ඇවිත් උයන්න බලනකොට 
උයන්න දේවල් නෑ
ඇයි බන් දවස් දෙක තුනක් තිස්සේ කෑවේ කඩෙන් 
ඒක නිසා කුස්සියේ තත්ත්වේ මට මතකම නැති වුනා
අවුලක් නෑ අදත් කඩෙන් කනවා කියලා හංදියට ආවා
අම්ම ගහයි බැට් එකෙන් කඩ ටික වහලා යකෝ
මුන් සිල් ගන්න ගිහින්ද මන්දා


පරක්කු වෙලා ඇහැරලා කෑම කන්න ආපු තව එකෙකුත් එතන හිටියා
දෙන්නත් එක්කම කතා වෙලා විජේරාම පැත්තට පයින්ම ඇද්දා

කඩවල් කිහිපියක් ඇරලා

අපිත් ගිහින් එකක වාඩි වුනා


මල්ලිලා මොනවද කන්නේ පාන් ඉදි ආප්ප නුඩ්ල්ස්


අයියේ බත් නැද්ද

බත් නම් ඉවරයි කොල්ලෝ පාන් කමුද


කඩ කාරයාගේ අම්මට හචිං යන්න කියලා පතලා 

අපි ගියා තව එකකට 

අයියේ කෑම නැද්ද

උදේ කෑම නම් නෑ කොල්ලා

හුටා කාලා වරෙන්කෝ දැන්

එක කඩේකවත් කන්න බත් නෑ


බඩගින්නේ මැරෙන්නයැ

බස්‍ එකේම ඇද්දා නුගේගොඩ රුපියල් 12යි ද කොහෙද

ගුවන් පාලම ගාව ‍සර්වර් කඩේට ගියා

මාලු කෑම දෙකක් කෑමට


කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා

දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද

ආ එහෙනම්‍ තෝසේ ගේන්න
මතක ඇතුව මාලු හොදි ගේන්න

මං තෝසේ දෙකයි ප්ලෙන්ටියයි
අරූ තෝසේ දෙකයි ප්ලේන්ටියයි


මාතියා මෙන්න බිල

රුපියල් 180

අම්මට හුඩු
වෙනදට උදෙට කන්න එකෙක්ට යන්නේ රුපියල් 50යි

අද 90ක් ගිහින්

මොනවා කරන්නද බිල ගෙවා 

food city එකකට ගොඩ වෙලා උයන්න දේවලු ත් අරන් බෝඩිමට ආවා

අනිත් ඒකාටත් එක්ක ම උයන්න කීවා

දැන් ඉතින් උයනවා




බස් එකට 24යි 
කන්න 90
රුපියල් 110


වෙනදට උදේට 50යි
දවල්ට 60යි
අයියෝ සල්ලි

අපේ මුදලාලිලා ‍සිල් ගන්න ගිහින්

පිං අත්වෙයි පෝය දවසට හොටල් වහන්න එපා

කොළඹ ගොඩක් ඉන්නේ බෝඩිං කාරයෝ
උන්ට එදාට කන්න වෙන්නේ පස් තමා

No comments:

Post a Comment

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න