Wednesday, December 5, 2012

3D Animation ‍ඉ‍ගෙන ගන්න අයට රස රහස්

පොඩි පොඩි කතා ටිකක් කියන්න කියලා තමයි ලෑස්තිය
පහු ගිය දවස්වල ගොඩක් අය මගෙන් අහලා තිබ්බා 3d animation ‍ඉගෙන ගන්න හොඳ ආයතන මොනවද කියලා
එතින්ම අද බයිලාව සහ පොරටෝක් පටන් ගන්න තමයි සූදානම

ඉඩ තියන තියන විදිහට වාඩි වෙන්නකොට


ඇත්තටම ලංකාවේ 3d animation ඉගෙන ගන්න තියන හොඳම තැන් මොනවද

කියන්න සතුටුයි එහෙම තැනක් තාම නෑ

එතකොට කොහොමද එක එක අය මරු මරු ඇනිමේෂන් කරලා තියෙන්නේ

ඒ කරන්නේ මෙහෙමයි බබාලා
සද්ද නැතුව අහගන්න මං සේරම බොරු ටික කියන්නම්
මේ ටික කියවලා රෙප් පොඩ්ඩක් දීලා
කමන්ටුවක් දාලා යන්න
ආයේ එන්න එපා



ලංකාවේ ඇනිමේෂන් උගන්වන තැන ගොඩාරියක් තියනව

Wijeya Graphic
Teleview
3D mind
බ්ල බ්ලා බ්ලා (මෙම දැන්වීම් රෙප් ගෙවා ප්‍රචාරය කරන ලදී)


මේ හැමතැනක්ම හොඳයි
ගොඩක් අය මෙතනින් තමයි පටන් අරන් තියෙන්නේ
මේ හැම තැනකම තම තමන්ට ආවේනික විදිහට උගන්වනවා
ඒ ඒ තැන්වලට අන්‍යනය වූ දේවල් උගන්වනවා


මේකයි කතන්දරේ මේ හැමතැනකම කරන්නේ මූලික දැනුම විතරයි
තවත ඉහලට ඉගෙන ගන්න කැමති අයට advanced diploma පාඨමාලා පවත්වනා

මූලික පාඨමාලාවේදි කරන්නේ

3d max
maya
ගැන උඩින අත ගාගෙන යනවා
මේ දැනුමින් සාමාන්‍ය දෙයක් කරන්න පුලුවන්
ඒ වුනාට ලොකු දෙයක් කරන්න අමාරුයි නෙවෙයි බැහැ

මේ පාඨමාලාවේදී කරන්නේ
Software වල තියන tools ගැන දල අවබෝධයක් දෙන එක තමයි කරන්නේ

ඒක නිසා ඔබ 3d පැත්තෙන් ඉදිරයට යන්න බලාපොරොත්තු වෙනවනම් මං පහත කියන දේවල් කරන්න වෙනවා

1. ඉතාමත් පැහැදිලිව මූලික දැනුම දෙන පාඨමාලාවක් හැදෑරීම
2. පදනම් පාඨමාලාවෙන් පසු ඉහල පාඨමාලා වලට සම්බන්ධ වීම
3.නිරන්තරයෙන් අභ්‍යාස කිරීම

මේ කරුණු ටික අනිවා කරන්න වෙනවා

තව දෙයකි
නෙට් එකේ ගොඩක් සයිට් වල තියනවා 3d animaton tutorials
වැල් බාන වෙලාවේ මේවා බාගෙන කරන්න වෙනවා
කිසිම පාඨමාලාවකින් ගන්න බැරි දැනුමක් මේ හරහා ගන්න පුලුවන්

ඒ වගේම තව දෙයක්
3d max/maya/poser/cinema 4d වගේ තිමාන සජීවිකරණ මෘදුකාංග විතරක් ඉගෙන ගත්තට මදි

මේ පැත්තෙන් ඉදිරියට යන්න ‍බලාපොරෙත්තු වෙනවනම් අනිවාර්යෙන්ම පහත මෘදුකාංග ගැන ඉතා ඉහල දැනුමක් අවශ්‍ය වෙනවා

Adobe Potoshop

ජායාරූප සංස්කරණයට යොදාගන්නා මෘදුකාංගයකි
තිමාන සජීවිකරණයේදී සාදාගන්නා අනුරූ වල‍ට වර්ණ සහ texture යෙදීමට මෙය භාවිතා වේ

Adobe Premiere

වීඩියෝ සංස්කරණ මෘදුකාංගයකි

Adobe AfterEffects

composting tool එකකි
විශේෂ ප්‍රයෝග යෙදීම සදහා භාවිතා කෙරේ
ඉතා වැදගත් මෘදුකාංගයකි



ඉහත මෘදුකාංග පිලිබදව සාමාන්‍ය මට්ටමේ නොව ක්‍රමානුකූල දැනුමක් තිබිය යුතුය‍‍.

තව විස්රත ‍ඕනිද
හරිම බෝරින් වගේ නේද
වැඩේ අත ඇරලා දාමුද


ඔයාලට දැන ගන්න දෙයක් තියනවනම් අහන්න 
ලැජ්ජා වෙන්න එපා

11 comments:

  1. අවුලක් නැති වැඩක් වගේ ...

    ReplyDelete
  2. කස්ටිය කැමති නම්
    පාඩම් මාලාවක් පටන් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඇයි බන් කිය කියා ඉන්නේ. පටන් ගනින්කෝ

      Delete
    2. ආසම ඉසව්වක් ඒත් කාලයක් හෝ තැනක් මුදලක් නැතිව හිටියේ. එවන් දෙයක කලොත් එය පිංකමක් ම වේවි.
      මම සමකය වටේ ලියන නලීන්

      Delete
    3. අප්පා ලියන්නකෝ මුල ඉඳන්ම

      Delete
  3. කැමතියිද කියලත් අහනවා..ඇනිමේෂන් වලට තමා මම නම් ආසාම..පටන් ගමුකෝ කල්නොඉඳ එහෙනම්..ජය වේවා...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. අනිවා ලගදිම දෙන්නම් ඇටි හැලෙන්න

    ReplyDelete
  5. 3d max වලින් පටන් ගන්නද

    ReplyDelete
    Replies
    1. ෙකාෙහන් හරි කමක් නෑ පටන් ගන්න

      Delete
  6. මම මේ දවස්වල කොමර්ෂල් වගයකට හිර වෙලා ඉන්නේ
    ජනවාරි මුල ඉදන්
    ඇනිමේෂන් සහ විශේෂ ප්‍රයෝග ගැන පාඩම් මාලාවක් අලුත් බ්ලොග් අඩවියක් මගින් සංහල මාධ්‍යයෙන් ගෙන එන්නම
    මේ දවස්වල පුලුපුලුවන් අවස්ථාවලදී වීඩියෝ ටික සකසාගෙන යනවා

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න