Monday, December 3, 2012

කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

මං පලමුව මාගේ අත්දැකීම් කිහිපයක් කියන්නම් මා ගැන කියූ අනාවැකි

1. මට වයස දාසයේදී හස්ත රේඛා මගින් සාස්ත කියන අයෙක් (පාරවල් අද්දර ඉන්න රොඩියෝ නෙවෙයි)මගේ අත බලලා කීවා ඔයා මේ දවස්වල ජීවිතේ නාස්ති කරගන්නවා
ඔයා ඔයාට තියන හැකියා වලින් ප්‍රයෝජන ගත්තොත් අවුරුදු 18 පටන් ආදායම් බදු ගෙවන්න වෙනවා
ඒ නැතත් අනිවාර්යෙන්ම ඔයාට අවුරුදු 21 22 වෙනකොට ඔයා ආදායම් බදු ගෙවන තත්ත්වෙට එනවා තමන්ගේ උත්සහයෙන්

මෙයා කියපු දෙය මට අමතකම වෙලා ගියා
මං ඒ දවස්වල පුල් පන් ලයිප් එකක් ගෙව්වේ රස්තියාදු ගැසීම අංක එක
ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් කලේ නෑ
ඒත් මට දැන් වයස අවුරුදු 22යි 
මම දැන් අදායම් බදු ගෙවන 
සේවයකයින්ට පඩි ගෙවන කෙනෙක්
(දැන් කියපන් ලොකුකම් කියවනවා කියලා)

2. මට වයස අවුරුදු දහනවයේදී නරක පුරුද්දක් නිසා නිව්මෝනියාවක් සෑදී මාව ජාතික රෝහල් ගත කලා
ඒ දිනවල කේන්ද්‍ර බලපු කෙනා කිවලු මෙයාට මේ දිනවල සෙම් රෝගයක් තියනවා
ඒක සෑහෙන්න බරපතලයි කියලා 
අම්මලා දුන්න සල්ලිත් එයා ආපහු දීලා පුතා සනීප වුනොතින් ඇවිත් පඩුරු දෙන්න කියලා
කේන්දර බලන කෙනා පඩුරු ආපහු දෙනවා කියන්නේ ගොඩ ගන්න ගොඩක්ම අමාරු කේස් එකක්
මාව දෙපාරක් මැරුනා
ඩොක්‍ටර්ස්ලට පිං සිද්ධ වෙන්න අද යන්තම් ජීවත් වෙනවා
මාව ලෙඩ වුනේ මාර්තු මාසේ
හරියටම සුව වුනේ ඔක්තෝම්බර් විතර
ඒත් තාමත් ඒවා‍යේ අතුරු ආබාධ තියනවා
(දැන් කියපන් තමන්ගේ බයිලා ගහනවා කියලා)

3.මට අවුරුදු 20 දී පමණ මාගේ කේන්දරය බලපු කෙනා කීවා 
පටලවන් ඉන්න චීත්ත කෑලි ගැලවෙනවා කියලා

මං ඒ දවස්වල ගර්ල් කෙනෙකුට ලව් කර කර හිටියේ
අපි ගොඩක් ආදරෙන් උන්න
මෙයා සාස්තරේ කියලා සති දෙකක් ඇතුලත මට කෙල්ලගේ වෙන එපයාර් එකක් අහුවුනා
(දැන් කියපන් බොරු කියලා, මගේ පරණ තෙඩ් බලන්න මං කතාව දාලා තියනවා)

4.මාගේ යාලුවෙක් හිටියා මෑන් ගර්ජ් කාරයෙක් පට්ට වැඩ්ඩෙක් 
ඒත් ගරාජ් දෙක තුනක් පටන් ගන්නවා
ආරම්භයේදී පට්ට වැඩ
පස්සේ බල්ලෙක් වත් එන්නේ නැට්ට දිග ඇරගන්නවත්
අන්තිමට නොකරපු සීන් එකකට මූට ගෙවන්නත් උනා
මං මෑන්ව එක්කන් ගියා කේන්දර බලන කෙනෙක් ගාවට

කේනදර බලන කෙනා මෙයා ගැන දන්නේ නෑ
ඒත් කේන්දරේ ගත්ත ගමන් කීවා
අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනාට මේ දවස්වල ඉනේ තියන රෙද්ද නැති වෙන 
ජාතියේ දේවල් වෙන්නේ කියලා
ඊට පස්සේ කීවා අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනා විශ්මකර්ම වැඩ කරන කෙනෙක් කීවා
(විශ්වකර්ම වැඩ කියන්නේ -වඩු වැඩ/ මේසන් වැඩ/මැකෑනික් වගේ දේවල්)

ඊට පස්සේ කරන්න කියලා වත් පිලිවෙත් ටිකක් දුන්නා
ඒ ටික කරලා සති දෙකක් තුනක් ඇතුලත මෑන්ට ජොබ් තුන හතරක් සෙට් වුනා
මාසයක් වගේ යනකොට මූට රට යන්න ආවා
දැන් පොර කටාර් වල වැඩ කරනවා


අනිත් කාරණය තමයි 
මේ දේවල් බොරුයි කියලා කවුරුත් ඔප්පු කරලා නෑ


විද්‍යාත්මක ක්‍රමයකින් මේ දේවල්

සත්‍යය බවවත් 
අසත්‍යය බවවත් ඔප්පු කරලා නෑ

කොවුපර් ද කවුද කියන කෙනා මේ ගැන පරීක්ෂණ පැවැත්තුවාලු
පවත්වලා මෑන් කීවලු මේවා බොරු කියලා

මෑන් උත්සහ කලේ මේවා බොරු කියලා කියන්න
මෑන් සෑමවිටම උතසහ කලේ මේවා බොරු යැයි කිව හැකි සාධක උලුප්පා පෙන්වන්න
වැඩි විස්තර පසුවට දෙන්නම්

හිතන්න චාල්ස් මාමා කොම්පීටර් එක ගැන හොයාගන්න කලින්
මිනිස්සුන්ට කවුරු හරි ඇවිත් කීවෝත්
ලැප් ටොප්/ facebook/ skype/ බෝඩබෑන්ඩ් ඉන්ටරනෙට්/ windows 8
dvd/wifi/webcamera/face detection technology/wireless mouse kb/
video editing/chorma key....etc

නැත්නම් මෙහෙම හිතපන්කෝ 
මීට අවුරුදු 2000 කට විතර කලින්
උඹට ( ඔවු ඔවු උඹේ ඒ ආත්මේ) කවුරු හරි දෙවියෙක් හරි මොකෙක් හරි ඇවිත් මේ ගැන කීවොතින් උඹ විශ්වාස කරයිද


ඒ වගේ තමා මචං

මේ දේවල් නවීන විද්‍යාවෙන් සත්‍යයැයි කියලත් නෑ බොරු කියලත් නෑ
එයාලා කියන්නේ මේ දේවල් ගැන නැවැරදි පරීක්ෂණ කල නොහැකි බවයි
ඒ කියන්නේ දැන් තියන යන්ත්‍ර සූත්‍ර වලට ඒවා අහුවෙන්නේ නෑ

ms dos පාවිච්චි කරන කාලේ උන්ට කීවානම් face detection සීන් එකක් ගැන උන් විශ්වාස කරයිද

මම මේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ

‍මගේ බුද්ධි මට්ටමේ හැටියට මේ දේවල් ගැන ගවේෂණය කරනවා

ඒක නිසා එකපාරටම මේ දේවල් බොරුයි කියලා අහක දාන්න එපා

මේ දේවල් වලින් යම් උපකාරයක් ගන්න තියනවනම් 
ඒ දේ ගන්න 
(දැන් ඉතින් මුගේ පොරටෝක් කියලා)

සමහර අය කියලා තිබ්බා 

බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි 
ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන්
බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ
(බුදුන්ගේ බලයට ඕවා යටයි)


තර්කයක් නැත ඒ දේවල් ගැන


හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න 
මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා

කේන්දර වල තියෙන්නේ පිං සහ පව් විපාක දීම් වල දල සටහනක්
බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා
ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා

නමුත් අප කරන ලද පාපකර්ම වල ප්‍රභලතාවය මත කලයුතු පිංකම් වෙනස් වීමක් වෙනවා
ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි
යන්ත්‍ර සකසා ගෙලපැලදීම වැනි දේ කෙරෙනවා

මාගේ ගෙලහි සුරයක් පලදා ඇත 
‍මා මලගෙයක් ලගින් ගියත් සුරේ පුපුරනවා
දැන් මේ එලස පිපිරීම නිසා දා ඇති හයවෙනි සුරයයි

යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් නොතබන‍ කෙනෙකුට උනත් ආරක්ෂාවක් බුදු දහමින් නොව බුදු දහම ඇසුරින් ගොඩ නගා ගන්න පුලුවන්

ඒ සදහා අපි බොදු කියලා කෑ ගැහුවට
පන්සල ට ගිහින් මල් පහන් පූජා කරන එක පමණක් කලාට
බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාට
බස් එකට ගොඩවන හිගන්නෙකුට රුපියලක් දීලා කෝටියක දේවල් පැතුවට හරියන්නේ නෑ

1. පිරිත් සජ්ජායනය ඇසුරින් ආර්ක්ෂාව සලසා ගන්න පුලුවන්
2.තමන් අනිවාර්යෙන් භාවනා ක්‍රම වල යෙදීමෙන් යම් මට්ටමකට පැමිණිය සිටිය යුතුයි
3.ස්ථීර අරමුණක් ඇතිව ජීවත් වන්නාහා ක්‍රියාවේ යෙදෙන්නකු විය යුතුයි
( ඒ කියන්නේ මේ ආත්ම භවයේදීම නිවන් අරමුණු කර ගැනීම/ බුදු බව පැතීම වැනි අරමුණක තදින්ම පිහිටන්නෙකු විය යුතුයි)

මෙවැනි කෙනෙකුට විතරයි බුදු දහමින් ආරක්ෂාවක් සලාසා ගන්න පුලුවන්

අනිත් සියලු අයට ගුප්ත විද්‍යාව ඇසුරින් තමයි පිහට සලසා ගන්න වෙන්නේ

9 comments:

  1. මේවා වෙන හැටි කාටවත් තේරුම් ගන්න බැහැ තමා

    ReplyDelete
  2. මචන් උබේ පොස්ට් එක හොදයි හොදයි , ඒත් තේරෙන්නේ නැහැ උබ කියාගන්න හදන දේ

    ReplyDelete
    Replies
    1. මේ ලොකේ කිසිම දේකට නිශ්චිත තේරුමක් නෑ
      තේරුම් ගැනීම ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව සිදුවේ

      ඔයා මේක තේරු‍නේ නැතිලු
      ඒ කියන්නේ එයා මේක තෙරුම්ගත්තේ මේක තේරුමක් නැති දෙයක් විදිහට

      Delete
    2. අනේ බන් මේ කුනුහරප කතා කරන්නැතුව
      කියපන් උබට ඕවා විස්වාසද නැද්ද බයිලා කියවන්නැතුව.
      මට කියන්න තියෙන්නේ මාත් කේන්දරේ විස්වාස කරනවා..
      ඒත් කේන්දරේ බලවගන්න ඕන හරියට සාස්තරේ දන්න
      කෙනෙක්ගෙන් මිස හිපාටුවන්ගෙන් නෙවේ..

      Delete
    3. දැනට ලැබිල තියන අත්දැකීම් අනුව මම මේක විශ්වාස කරනවා
      මොකද මගේ කේන්දරය බලලා කියපු දේවල් හරිගියා
      මං මේ දවස්වල මේ ශාස්තය ඉගෙන ගන්න උත්සහ කරනවා

      Delete
  3. කිසිදු දෙවියෙකුට අපේ කරදර බාධක වැළක්විය නොහැකිය. බුදුහාමුදුරුවන්ටද නොහැකිය. බුදුහාමුදුරුවෝ කලේ යායුතු හරිමග මෙන්න. හරි මගේ යාම ඔබ සතු කාර්යයකි යන්න පහදා දීමයි. කකුලේ අමාරුවක් හැදුනම් ටික කලකට හැරමිටියක් පාවිච්චි කරනවා වගේ කාලීනව යම් යම් ප්‍රශ්න වලට නක්ෂස්ත්‍රය අනුව කටයුතු කිරීමෙන් (පළමුව ඒ ගැන විශ්වාසයක් තිබිය යුතුයි) මානසික සහනයක් උදා කරගත හැකියි. නමුත් චතුරාර්ය සත්‍යය තරම් පරම සත්‍යයක් හෝ ආර්යෂ්ඨාංගික මාර්ගය තරම් නිවැරදි දැක්මක් හෝ තවත් නැත. ඒබ්‍රහම් ටී කොවුර් කලේ සෑම දෙයක්ම භෞතිකව තිබිය යුතුය යන පදනමේ සිට කටයුතු කිරීමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. ධර්මය තමා මම හිතන්නේ ගොඩක් තැන් වලදී පිහිටට එන්නේ...අනිත් දේවල් එතනදි පසුපසින් ඉන්නේ


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. බොහොම හිතට වැදුන ලිපියක් මේක.අර නම ඒබ්‍රහම් ටී කෝවුර් ලංකා හේතු වාදින්ගේ සංගමයේ ලොක්කා.
    ඒත් මචං මේ කියන්නේ සිරාවටම ඔය කේන්දර බලපු කෙනාව මටත් මීට් කරලා දෙන්න බැරිද. නිවැරදිවම කේන්දර බලන කෙනෙක්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න