Monday, December 3, 2012

ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

අපි මුලින්ම බලමු බෞද්ධයා කියන්නේ කවුද කියලා

සාමාන්‍ය දැනුම අනුවමනම් බෞද්ධයා කියන්නේ බුදුදහම අදහන කෙනා

ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැති වුනත් ටිකක් අවුල වගේ

මම විශ්වාස කරන ආකාරය අනුව නම්
යම් පුද්ගලයෙක් තම සංසාර ගමන කෙලවර ‍කර ගැනීමේ අදහසින් (ගිහි හෝ පැවිද)එය තම පරම අරමුණ බවට පත් කරගනිමින් කටයුතු කරයිද 
හෙතම ඔහු හෝ ඇය genuine බෞද්ධයෙකු වේ

මොකක්ද බොලේ මේ පොරටෝක් කාරයා කිව්වේ කියලා දැන් ගොඩක් ඈයෝ බලයි

ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් නලුවෙක් හෝ වෙන ඕනෑම අයෙක් විය හැක
ඒ ඔබේ ජීවන උපායමාර්ගගය

නමුතු ඔබ කුමන කේෂත්‍රයක වැඩ කලත් මම යම් දිනක නිවන් දකිමි යන සිතුවිල්ල අනුව හැසිරේ නම්
(ඒ කියන්නේ කඩේ බඩු විකුණන් ගමන් බන කියන එකවත්
වාහනය එලවනකොට භාවනා කරන එකවත් නෙවෙයි)
ඔබ නියම බෞද්ධයෙකි

නියම බෞද්ධයා කියලා කීවම ගොඩක් අයට සිහිවෙන්නේ
නිතරම සුදු ඇදගෙන සිටින
පන්සල් ගානේ නිතරම ගැවසෙන
බණ පොත් සහ නවගුණ වැල අතේ තියන් ඉන්න පොරවල්

මේ සමාජ තත්ත්වයන් අනුව එහෙම හැසිරීමේ අවශ්‍යතාවයක් නෑ
තමන්ට අවස්ථාව ලද සැනින් ධර්මය අවබෝධ කරගැනීමේ කටයුතු වල යෙදී
හැකි විට භාවනා වේ යෙදමින්
යම් පුද්ගලයෙක් කටයුතු කරයිද හේ නියම බෞද්ධයෙකි

කොල්ලෙක් ඉන්නවා 
විලාසිතා වලට බරයි
නවීන පන්නයට සැරිසෙනවා
යාලු වෙච්චි ගෑණු ළමයෙකුත් ඉන්නවා
මගුල් සාද සංගීත ප්‍රදර්ශන ආදියේ යනවා
ගීත අසනවා ‍චිත්‍රපටි බලනවා
දැන් ඔබ හිතනවා අනිවා ඌ රස්තියාදු කාරයෙක් වෙන්න ඕනි කියලා

හැබැයි මූ භාවනා කරනවා
බණ දහම් ඉගෙන ගන්නවා
ඒ අනුව කටයුතු කරනවා

දැන් බලයි මං කියන දේ පරස්පරයි කියලා

පරස්පර නෑ
ගොඩක් අය නියම බෞද්ධයෙක් කීවම ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ අටසිල් අනුව ජීවත් වෙන කෙනෙක්
ඒක වැරදි මතයක්

ගිහි අයට රැකිය යුත්තේ පන්සිල්

කලින් කිව්ව එකා 
බණ දහම් අනුව කටයුත් කරනවා කීවම අවුල් වගේද
බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ
ගිහියන්ට කසාදබඳින්න එපා
ගීත අහන්න එපා
ප්‍රිය සාද ආදියට යන්න එපා කියලා


යම් පුද්ගලයෙක් පන්සිල් රකිමින් ජීවත් වෙනවා නමුත් ඔහු පන්සිල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ
සත්තු මරන්නේ නෑ
අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නෑ
බ්ලා බ්ලා බ්ලා

නමුත් ඔහු ධර්ම ඉගන ගන්නේ නෑ
භාවනා ආදියේ යෙදෙන්නේ නෑ

එම නිසා ඔහු කෙතරම් යහපත් විදිහට හැසිරුණත් ඔහු බෞද්ධයෙක් නෙවෙයි

ඔහු යහපත් හැසීරීමක් තියන විනයවත් යහපත් පුද්ගලයෙක් පමණයි

නිතර දෙවේල් පන්සිල් ගත්තා හෝ නැතා
පෝයට පන්සල් ගියා හෝ නැතා

යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
ඒ අනුව ක්‍රියාවේ යෙදේ නම් ඔහු බෞද්ධයෙකි
ඔහුගේ හැසීරීම මා කලින් සදහන් කල යහපත් පුද්ගලයාගේ හැසීරීමට වඩා ගුණවත් වූවකි

එහෙම බැලුව අද සමාජයේ ඉන්නේ ‍genuine බෞද්ධයෝ ඉතාම සුලු ප්‍රමාණයයි

4 comments:

  1. ඔබතුමා ඉගෙනගත යුතු දෑ බොහෝයි.. බෞද්ධයා යනු තෙරුවන් සරණ ගිය පුද්ගලයා මිසක් වෙනත් අයෙක් නෙමෙයි. බුදුදහමේ සරණ යනවා මිසක් ඇදහීමක් නෑ..

    අනික තමයි ධර්මය ඉගෙන නොගෙන ජීවිත කාලෙම පන්සිල් රැකගෙන නිවැරදිව ජීවත් වන කෙනා ධර්මය උගත් හොරෙකුට වඩා උතුම්... ඔහු ඒ පින් බලෙන් ඊලඟ ආත්මෙ සුගතියක ඉපදිලා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න මාර්ගයට වැටෙයි...

    බෞද්ධයා විවේචනය කරන්න කලින් තමන් හැදිලා හි‍ටියනම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. යම් පුද්ගලයෙක් තෙරුවන් සරණ යයි නම්
      අනිවාර්යෙන්ම ඔහු නිවන් අවබෝධකරගැනීට වෙහෙසිය යුතුයි

      නිවන් අවබෝධකර ගැනීමට නොවෙහෙසන තැනැත්තා කිසිදු අයුරකින් තෙරුවන් සරණ ගිය අයෙක් යැයි කිව නොහැක
      මා පවසන්නේ එයයි
      මා මෙතන යෙදූ ඇදහීම යන වචනය ගැන කියනවනම්
      සාමාන්‍ය භාවිතයේදි ගොඩක් අය කියන්නේ බුද්ධධර්මය අදහනවා කියලයි
      මම බුදුසරණ ගියා කියලා කියන අය අඩුයි
      කවුරු හරි ඇහුවොත් ඔයා අදහන ආගම මොකක්ද කියලා
      සාමාන්‍යයෙන් බොහෝ අය කියන්නේ මම අදහන්නේ බුදුදහම කියලයි
      ඒ අනුව එම වචනය යෙදුවෙමි
      ඔබ මෙතන ධර්මය උගත් හොරෙක් ගැන කියනවා
      යම් අයෙක් නිවැරදි ධර්මය උගෙන සිටීනම් ඔහු කිසිවිටක හොරෙක් වෙන්නේ නැත
      ඒම නිසා ඔබ සදහන් කරන හොරා බුදුදහම සරණ ‍යන ලෙස පෙන්වන නලුවෙක් විය යුතුයි
      ධර්මය උගත් කියන දේ ඔහුට ගැලපෙන්නේ නැත

      Delete
  2. බුද්ධ ධර්මයේ විශේෂත්වය එය සාපේක්ෂ වීමයි එහෙම නැත්නම් එක පොතක ලියපු හරියටම වාක්‍ය වලින් විස්තර කරන්න පුළුවන් නිරපේක්ෂ දෙයක් නෙමේ. ඒ නිසා කෙනාගෙන් කෙනාට තේරුම් ගන්න ආකාරය වෙනස් , එහෙම නැත්නම් පුද්ගලනුබද්ධව ගෝචර වෙන ආකාරය වෙනස්. ඒ නිසා තමන්ට තේරුණා ආකාරය 100% හරි යි සිතාගෙන අනිත් අය වැරදියි සිටීම නොහොබී. නමුත් එකිනෙකා තේරුම් ගත් ආකාරය ඔව්නොව්න් අතර බෙඅ ගැනීම. උකහා ගන්නා පරාසය වැඩි කර ගැනීමට උපකාරී වේ. ඒ නිසා. දර්මදර අය ඇසුරු කරන්න. තමන් විස්වාස කරන දෙය පිලිඹද තමාගෙන්ම ප්‍රසන කරන්න. ප්‍රජාව සමග වාද නොකර සාකච්චා කරන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් තියනවා අපි ගොඩක් වෙලාවට ධර්මය ගැන ඉගෙන ගන්න උත්සහ කරන්නේ අපිට තේරෙන්නේ නැති බරවචන වලින්
      කවුරු හරි බර වචන දාලා පාලි පාඨ කියලා බණ කියනවනම් තමා කැමති
      සරල එමෙන්ම පහසු වචන වලින් කියන දේවල් අහන්න කැමති නෑ

      Delete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න