Wednesday, November 28, 2012

කර්මවාදය

නෑ නෑ කර්ම ගැන කියන කිව්වේ මේ ‍මේ දවස් වල තිරගත වන කර්ම චිත්‍රපටිය ගැන නෙවෙයි

ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නයි යන්නේ 


කර්ම කියලා කියන්නේ සංස්කෘත වචනයක්
කම්ම කියන පාලි වදන ද ඊට සමාන අර්ථයක් දෙනවා
මෙහි වචානාර්ථ වශයෙන් තේරුම් කිහිපයක් වෙනවා

1.ක්‍රියාව
2.ප්‍රතිවිපාක දෙන ක්‍රියාව
3.ඉරණම

මෙයින් මුල් තේරුම සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති දෙයක්
දෙවන හා තුන්වෙනි තේරුම් කර්මවාදය නම් ආගමික සංකල්පයයි
ඉපැරණි චීන ආගමක් වූ තාඕ දහමෙහි මූලග්‍රන්ථයන්හි කර්මවාදයට සමීප ඉගැන්වීමක් ඇත
හොදක් කරන්නා හොන්ද ප්‍රතිඵලද
නරකක් කරන්නාට නරක ප්‍රතිඵලද අත්වෙනු ඇත යන්න එහි පිලිගෙන ඇත
කෙසේ නමුත් තාඕ වාදයේ එන කර්ම සංකල්පය විස්තරාත්මක ‍නොවේ
කර්මය පිලිබදව විස්තරාත්මකව හැදෑරීමක් සදහා ඉන්දියානු සම්භාව්‍ය ආගම් වෙතට යොමු විය යුතුයි

බුදු දහම

ජෛනාගම

හින්දු දහම 
යන ආගම් තුනෙහි කර්මය පිලිබදව විස්තරාත්මකව කරුණු ඇත

මෙහිදී මා සාකච්ජා කරනුයේ බුදු දහම සම්බන්ධව පමණි

අද බොහෝ දෙනෙක් කර්මය ගැන වැරදි වැටහීමෙන් සිටිති.
සමහරු කර්මය විශ්වාස නොකරති
විශ්වාස කරන අයද වැරදි මතවල එල්බ සිටිති
කර්මය පිලිබදව පොදු ජනයාගේ අවබෝධය කොතෙක් ව්‍යාකූලද යත් කර්මයට පිලියම් නැතැයි කියා ඕනෑම ‍ඇබැද්දියකදී වෙන දෙයක් වෙන්නට දී බලා සිටින අය කොතෙකුත් අප සමාජයේ ඇත



කර්මය පිලිබදව මූලික බෞද්ධ ඉගැන්වීම් මෙසේයි

1. කර්මය යනු හොන්ද හෝ නරක ක්‍රියාවකි.
2.කර්මය මතු විපාක ගෙන දෙයි
3.මතු විපාක සකස් වන්නේ කර්මය සිදුකරද්දී තිබූ චේතනාවට අනුරූපිතවයි.
4 මතු උපතක් ගෙන දීමේදී කර්මය තීරණාත්මක සාධකයක් ලෙස කියා කරයි
5.කර්මය සත්ත්වයා බෙදීමට ලක්කරයි.
6.ජීවිත කාලය තුලදී කර්මය වරින් වර ඉදිරියට පැමිණ පුද්ගලයාට බලපෑම් කරයි.
7.කර්මය මනසට බලපෑම් කරයි.
8.කර්මය ස්වාභාවධර්මයට බලපෑම් කරයි.
9.කර්මයකින් තවත් කර්මයක් වැසිය හැක
10. බහුලව හොන්ද දේ කිරීමේන නරක දේ වසා දැමිය හැක.
11.කල කර්ම වලින් කොටසක් මෙලොවදීම භුක්ති විදිය හැක
12.සමහර කර්ම සමා කල හැකිය.
13.කර්ම විපාකය සත්ත්වයා පසු පස එලාවා ගෙන පැමිණ සුදුසු විට ක්‍රියාත්මක වෙයි
14. විපාක දීමට පෙර කර්මය මෝරා වැටෙයි.
15.රහත් වීමෙන් පසු කර්ම සිදු නොකෙරේ.
16.කර්මවාදයේ ගැඹුරු තැන් බුදුන්ට පමණක් වැටහේ.

මේවායේ සවිස්තරාත්මක විස්තර ප්‍රතිචාර අනුව ලබා දේ

මහ පුදුම ජීවිත බන් අපිට තියෙන්නේ

කොල්ලනගේ ජීවිත 
අම්මලා capture කරනවා
අක්කලා ඒක edit කරනවා
පෙම්වති‍යෝ effect දානවා
අන්තමිට බැන්දපු ගෑනි ඒක rendering කරනවා

පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

අද පොඩ්ඩක් ඇහැරින්න පරක්කු වුනා

පෝය දවස නිසා ක්ලාස් ඒවා මේවා නිවාඩු

මූණ කට සෝදලා ඇවිත් උයන්න බලනකොට 
උයන්න දේවල් නෑ
ඇයි බන් දවස් දෙක තුනක් තිස්සේ කෑවේ කඩෙන් 
ඒක නිසා කුස්සියේ තත්ත්වේ මට මතකම නැති වුනා
අවුලක් නෑ අදත් කඩෙන් කනවා කියලා හංදියට ආවා
අම්ම ගහයි බැට් එකෙන් කඩ ටික වහලා යකෝ
මුන් සිල් ගන්න ගිහින්ද මන්දා


පරක්කු වෙලා ඇහැරලා කෑම කන්න ආපු තව එකෙකුත් එතන හිටියා
දෙන්නත් එක්කම කතා වෙලා විජේරාම පැත්තට පයින්ම ඇද්දා

කඩවල් කිහිපියක් ඇරලා

අපිත් ගිහින් එකක වාඩි වුනා


මල්ලිලා මොනවද කන්නේ පාන් ඉදි ආප්ප නුඩ්ල්ස්


අයියේ බත් නැද්ද

බත් නම් ඉවරයි කොල්ලෝ පාන් කමුද


කඩ කාරයාගේ අම්මට හචිං යන්න කියලා පතලා 

අපි ගියා තව එකකට 

අයියේ කෑම නැද්ද

උදේ කෑම නම් නෑ කොල්ලා

හුටා කාලා වරෙන්කෝ දැන්

එක කඩේකවත් කන්න බත් නෑ


බඩගින්නේ මැරෙන්නයැ

බස්‍ එකේම ඇද්දා නුගේගොඩ රුපියල් 12යි ද කොහෙද

ගුවන් පාලම ගාව ‍සර්වර් කඩේට ගියා

මාලු කෑම දෙකක් කෑමට


කෑම නෑ මාතියා තෝසේ තමා තියෙනවා

දැන් ඉතින් තව කඩවල් කොහෙන් හොයන්නද

ආ එහෙනම්‍ තෝසේ ගේන්න
මතක ඇතුව මාලු හොදි ගේන්න

මං තෝසේ දෙකයි ප්ලෙන්ටියයි
අරූ තෝසේ දෙකයි ප්ලේන්ටියයි


මාතියා මෙන්න බිල

රුපියල් 180

අම්මට හුඩු
වෙනදට උදෙට කන්න එකෙක්ට යන්නේ රුපියල් 50යි

අද 90ක් ගිහින්

මොනවා කරන්නද බිල ගෙවා 

food city එකකට ගොඩ වෙලා උයන්න දේවලු ත් අරන් බෝඩිමට ආවා

අනිත් ඒකාටත් එක්ක ම උයන්න කීවා

දැන් ඉතින් උයනවා




බස් එකට 24යි 
කන්න 90
රුපියල් 110


වෙනදට උදේට 50යි
දවල්ට 60යි
අයියෝ සල්ලි

අපේ මුදලාලිලා ‍සිල් ගන්න ගිහින්

පිං අත්වෙයි පෝය දවසට හොටල් වහන්න එපා

කොළඹ ගොඩක් ඉන්නේ බෝඩිං කාරයෝ
උන්ට එදාට කන්න වෙන්නේ පස් තමා

පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි


මේ දවස්වල ඉතින් ගනිකාවෝ ගැන කතා කරන නිසා මටත් හිතුනා මං ලබපු අත්දැකීමක් කියන්න‍

අත්දැකීමක්
චීයා ඒ ‍කියන්නේ උඹ ගණිකාවකට ගහපු සින් එකක්ද

නෑ නෑ බන් මං ගහපු එකක් නෙවෙයි
පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්කෝ


අද ටෙලිවිව් ‍එකේ පන්ති ඉවරවෙලා මං පිටකොටුවට ආවා ගුණසේන එකට යන්න
බස් එකෙන් බැහැලා ගුණසේන එක ගාවට පයින් යනකොට මට කෝල් එකක් ආවා
මං පොඩ්ඩක් පැත්තකට වෙලා කෝල් එක ආන්සර් කලා
එතන හිටිය ගෑනියෙක් මගෙත් එක්ක හිනා වුනා
මාත් ඉතින් මනුස්ස කමට හිනා වුනා
මං කෝල් එක අරන් ඉවර වුනහම අර ගෑනි මං ගාවට ඇවිත් කියනවා

"මල්ලි පන් එකක් ගන්නවනම් යමු, පොඩි ගානයි යන්නේ "

මාව නිකන් කරකවලා අතඇරියා ‍වගේ

අවුරුදු 40 ක විතර ගෑනු කෙනෙක්
සායකුයි හැට්ටෙකුයි ඇන්දලා
මුහුණේ පවුඩර් හරි ‍මොනවහරි ගාලා
සෙන්ට් බවුසර් එකක් විතර නාලා

ඒකිගේ හැටි දැක්කම මට අප්පිරියා හිතුනා
කථා විලාශයේ හැටියට දෙමල වගේ

"මල්ලි කැමති සැපක් දෙන්නම්
බය වෙන්න එපා සේප්ටි රූම් එකක් තියනවා වැඩිය ගානක් වෙන්නේ නෑ"

අද සෙනග අඩුයි
මං වහල තිබුන ලොතරැයි කූඩුවක් ගාව හිටියේ

මේකි දැන් මටත් එක්ක කුඩේ අල්ලන් කථාව
අම්මපා ගම් පලාතේ එකෙක් එහෙම දැක්කා නම්
බඩුම තමා ගමේ ගිහින් කියන් මහලොකු සේල්කාරයා කොලඹ ගෑනියෙකුත් තියන් ඉන්නේ කියලා

මේකි අනන් මනන් කතාකියනවා මාව නම්ම ගන්න
මල වදයක් බන්
බැරිම තැන මං කීවා මං ගෑනුන්ට එච්චර කැමති නැ

" කලින් කියන්න එපැයි පොන්න සීන් එකක් තියනවා සෙට් කරන්නම් මටත් ගානක් ඕනි"
කියලා මේකි එතන ටිකක් එහායින් හිටිය ගෑනියෙක්ව පෙන්නුවා

මේ මරාලෙන් බේරෙන්න බැරි නිසා එතන ඉන්නේ නැතුව ගුණසේන එක ඇතුලට ඇවිත් පොත් වගයක් තේරුවා

වැ‍ඩේ කරගෙන එලියට එනකොට පේනවා(වැඩේ කිව්වේ ගුනසේන එකේ පොත් ගත්ත වැඩේ) පොන්න සීන් කියලා පෙන්නපු ගෑනි කවුද කොල්ලෙක් එක්ක යනවා

වැඩකුත් නැති එකේ මට හිතුනා පොඩි පලෝ පාරක් දාන්න
මුං දෙන්නා දෙවනි හරස් වීදියෙන් හැරිලා
ඇවිදගෙන ගිහින් එකපාරටහ අතුරු දහන් වුනා

බිල්ඩින් දෙකක් බිත්ති දෙකක් අතරේ හිඩසකින් මුන් රිංගලා
එතන පොඩි පොඩි කාමර තියන තැනක්
කඩ කාරයින්ට හදපු


නිකන් ජොලියටත් එකක් මං ඒ හරියේ ඉදන් ඉස්ටේෂම පැත්තට ඇවිදන් ආවා

ගනිකාවෝ යැයි සැක කලහැකි ගෑණු 10 ක් විතර ඉන්නවා තැන් තැන් වල
එක එක ටයිප් ඒවා
අවුරුදු 20ක විතර කෙල්ලෙක් උන්නා
ඉතුරුවා තිහ පැනලා ලොරි මොඩල්


එක ගැනියෙක් අර room කියලා බෝඩ් ගහලා තියන තැනට වෙලා ‍පොඩි සගරාවක් බලනවා
පෝන් එකත් ‍අතේ
ටිකක් වෙලා ගියා ටිකක් වයසක ඩයල් එකක් ආවා
කතා කලා
උඩට ගියා

මං ඒ හරියේ පැය බාගයක් විතර උන්නා
පස් හය පාරක් එහා මෙහා ගියා
එක ගැනියෙක් ඉන්නේ උපරිම විනාඩි 5යි
මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා

ටික වෙලාවකින් තව කෙල්ලෙක් බැස්සා සීන් එකට
ටිකක් විමසිල්ලෙන් උන්නොත් මුන්ව අදුන ගන්න පුලුවන්
ලොකුම සාධකේ තමයි පේමන්ට් එකේ අනන් මනන් විකුණන උන් මුන්ව අදුරනවා
අනික තමයි
එක තැනකට වෙලා මිනිස්සු දිහා බල බල හිනා වෙවී ඉන්නවා
වයසට ගැලපෙන්නේ නැති විදිහට සමහර උන් පැෂන් කරලා

අහ් කියන්න ආපු දේ අමතක වෙනවා බන් තව පොඩ්ඩෙන්
මේ කෙල්ල කොහේවත් ගියේ නෑ
එතන නවත්වලා තිබ්බ තිවිල් එකකට වෙලා හිටියා
එතෙන් ට ආපු එකෙක් තීවිල් එකේ අයියා එක්ක කතා කලා
කෙල්ල දිහා තුන් හතර පාරක් බැලුවා
‍තීවිල් එකට නැග්ගා ගියා


මේ සේරම සීන් දිහා බල බල පිටකොටුවෙන් සමුගන්න හිතලා
ඉස්ටේෂම ඉස්සරහින් තියන මගීපාලමින් එහා පැත්තට පනින්න කියලා යනකොට

ඒක උඩ කෙල්ලෙක් බර දුරකතන සංවාදයක

"ඔයා කොහෙද ඉන්නේ ,මං මේ ඉස්ටේෂම ගාව පාලම උඩ

මොකක්ද නිල්පාට කමිසයක්ද ඇන්දලා ඉන්නේ
හරි හරි මට පේනවා
මෙතන්ට එන්න ඔතන කතා කරන්න බෑ"

අරූ ආවා උන් දෙන්න හැසිරුණු විදිහට නම් මීට කලින් මීට් වෙලා නැති දෙන්නෙක් වගේ

කතාබහෙන් තේරුනේ කෙල්ල ගොන් සීන් එකක් කියලා


ඔන්න මචෝ අද දවසේ ලබපු අත්දැකීම්

ගණිකා වෘත්තිය නීති ගත කලත් නැතත් මේ රටේ ඒක පිලාකවක් වගේ පැතිරිලා කියලා පේනවා නේද
පුදුමේ කියන්නේ මුන් කිසි බයක් සැකක් නැතුව එලිපිට තමන්ගේ වැඩේ කෙරෙන එකනේ


දැන් ඉතින් කාට හරි හිතෙනවනම් මේ නූලට දාපු දේවල් බොරු කියලා
රුපියල් දාහකුත් අරගෙන එන්න මං හෙට පිටකොටුවට ගිහින්ම පෙන්වන්නම්
කැමති එකක් තෝරගනිල්ලා

Teen, Gay, Mature, Granny
ඕනි එකක් තියනවා
ලාබයි ලාබයි



හම්බ පල්ලිය පාර



යොක් මෙහෙම ගියොත්
තව ටික දවසින් අපිට ඇඩ්‍රස් දාන්න වෙන්නේ මෙහෙම

මෙ‍හොමඩ් ෂාන්
නබී කබානා
අල්ලාගේ වල්ල පාරේ
මක්කල හංදිය
හම්බ ලන්තය

Friday, November 9, 2012

ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්න

ලිංගික නිදහසක් අපිට ඕනි
ලිංගික විප්ලවයක් අපි අරඹමු

ෂා නියමයි නේ මාතෘකාව දැක්ක ගමන් මොනවද මතක් වෙන්නේ
කෙල්ලෝ 10ක් 15ක් වට කරන් ඉන්නවා සීන් ‍පේනවා පේනවා වගේ නේද

එහෙනම් ඉතින් ලිංගික නිදහසක් ඉල්ලා ගමු

කොහොමද ආතල් එක 
නියුඩ් බීච් එකේ එක පැත්තක මල්ලි ඉන්නවා අවුරුදු 50ක විතර ඇන්ටි කෙනෙක් එක්ක
ඊට ටිකක් එහායින් අම්මා ඉන්නවා පොඩි කොල්ලෙකුත් එක්ක
නංගිට කොල්ලෝ සෙට් එකක් පෝලිමක් දාලා

ඔහ් සුන්දර හීනේ බොන්ද වෙලා ලේ ටික රත් වෙනවා වගේ නේද
දෙන්නම් තොගේ රෙප් වලට වැඩේ කියලත් දැන් හිතෙනවා ඇති

එලකිරි එකේ මේ දවස්වල ලිංගික විප්ලවයක් ගැනත් අතන මෙතන කථා වෙනවා දැක්ක නිසයි මේක දාන්න හිතුනේ

විශාල ලිංගික නිදහසක් ලැබුනොත් අන්තිමට ඉතුරු වන්නේ පහත දේවල් ටිකක් පමණි

1. නියමිත පියෙක් නැති දරුවන්
2. ලිංගික රෝග සැදුණු ජනතාවක්
3. ලමා ගැබිණියන්
4. විකෘත්තිතා ඇති දරු උපත් (ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබදතා වලින්)
5. මව පියා දූදරු සබදතා බිදුණු විකෘත් සමාජ හා ජීවන ර‍ටාවක්

තව තව දේවල් වෙනවා සේරම ලියන්න බෑ

ඇත්තටම අද සමාජයට ඕනි ලිංගික නිදහසක් නෙවෙයි ලිංගික අධ්‍යාපනයක්

ලිංගික අධ්‍යාපනයක් කිව්ව ගමන් කට්ටිය හදන්නේ කාමසූත් පොත විෂය නිර්දේෂයට ගන්න

ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික ඉරියව් විතරක් නෙවෙයි
ලිංගික සංසර්ගයෙන් සිදුවන්නේ කුමක්ද
දරු උපත් සිදුවන්නේ කොහොමද
උපත් පාලනය කරන ක්‍රම
ලිංගික රෝග සෑදෙන ආකාරය සහ ඒවායින් වැලකීම

වැනි දේවල් ගැන පුලුල් අවබෝධයක් දෙන්න ඕනි 

නිසි අධ්‍යපනයක් ලැබෙනවානම් මිනිසුන් ලිංගිකත්වය වැරදි විදිහට පාවිච්චි කරන එකක් නෑ

Wednesday, October 24, 2012

ගණිකා වෘත්තිය නීතිගත කරමුද




කැමති අය අත් උස්සන්න එපා
කැමති ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ කැමතියි කියලා දාලා යන්න
අකමැති අයත් අකමැතියි ඇයි කියලා කමන්ටුවක් දාලා
මෙතන පෝල් එකේ අකමැතියි කියලා දාලා යන්න


ගණිකාව කියන්නේ කවුද ගණිකා වෘත්තිය මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ
දැන් ඉන්න මොන්ටිසෝරි වුන් පවා දන්නවා ඒ ගැන
ඇයි අපේ ඉස්කෝල වල තැන්වැනි ශික්ෂා පදේ තේරුම උගන්වනකොට කියලා දෙනවනේ
කාමයේ වරදවා හැ‍සිරීම කෙසේවෙතත් කෙලින් හිට ගන්නවත් බැරි පොඩි උන් ඉදන් දන්නවා දැන් ඒ ගැන

හරි
ගණිකා වෘත්තිය නීතිගත කලොත් ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයන් මං ලුහුඩින් කියන්නම්

1.ඉස්කෝලේදි අම්මගේ රස්සාව මොකක්ද කියා ඇහුවොත් එතකොට පොඩි උන්ට කියන්න වෙන්නේ
මගේ අම්මා රජයේ ලියාපදිංචි ගණිකාවෘත්ති‍කයෙක් කියලා
2.අධ්යාේපන සුදුසු කම් ඕනි නැති නිසා ගොඩක් කෙල්ලෝ මේ රස්සාවට යයි
එතකොට ආදරණීය බිරිද‍ පෙම්වතිය ගණිකා නිවාසයේ රාජකාරිය නිමවා ඔබ වෙත පැමිණෙන් වි‍ට ඔබට දැනෙන හැගීම කොහොම වෙයිද
3.බාර් ලයිසන් වගේ මේවටත් ලයිසන් දෙයි ඒවායින් ගොඩක් ඒවා දේසපාලුවෝ ගනී.
4.තමන්ගේ අම්මා, බිරිද, දුව, සහෝදරිය,පෙම්වතිය රගපාන වෙලද දැන්වීම් ටීවී එකේ යනකොට ඔබට දැනෙන හැගීම කොහොම වේවිද
5. දේසපාලුවෝ මැර බලය යොදා ගෙන අහිංසක ගම්වල කෙල්ලෝ මේවට ගෙනවිත් දායි
එතකොට ගමේ සරනේරිස් කොලඹ ගොන් පොට් එකට යනකොට ගමේ සිරියාවතී මොඩ් වෙලා ඉන්නවා දැකිනකොට ඇතිවන හැගීම කොහොමද
6. බාර් වලට ලයිසන් දුන්නට හොර කසිප්පු පෙරන එක අඩු වුනාද
7. අරක්කු වලට ලයිසන් දුන්නට බීලා එලවලා සිදුවන මාර්ග අනතුරු අඩුවුනාද
8. අරක්කු වලට ලයිසන් දුන්නට ඒවායින් ඇතිවන රෝගාබාධ අඩු වුනාද
9. හිතන්න ඔයා බස් එකේ යනකොට ලස්සන කෙල්ලක් දකිනවා
ඔයා ළගට ගිහින් අහනවා නංගි කොහෙද වැඩ කියලා
එතකොට ඒකි කියනවා අයියේ මං අර අහවල් ගොන්පොට් එකේ කියලා
කොහොමද දැන් දැනෙන් ආතල් එක
එපා වෙනවා නේද

10. ගණිකාවන්ට උපදින අවජාතක ළමයි වෙනුවෙන් ළමා නිවාස හදන්න වෙයි
එත කොට ළමයි නැති පවුල් වලට පුලුවන් ඒ ළමයෙක් ගන්න

11.කොහොම ආතල් එකක් තියෙයිද තාත්තයි පුතයි ගොන් පොට් එකේදී මීට් වෙනකොට






සමාජ‍ය අගාධයට ධමන
මිනිසත්කම සාරධර්ම වනසන
මව පියා දූ දරු සබදතා බිදලන
පවලු සමගිය වනසන
මිල මුදල් වනසන
රෝගාබාධ පතුරන
ගණිකා නිවස වලට ඔබත් විරුද්ධ වන්න
යම් හෙයකින් ගණිකා නිවාස නීතිගත කරන්න උත්සහ දැරුවොත් නොබියව ඊට විරුද්ධ වන්න




සමාජ විද්යානඥයින් කියන පරිදි සමාජයේ පැවැත්ම සදහා ගණිකාවෝ ඉන්න ඕනිලු
බුදුන් දවසත් උන් හිටියා කියනවානේ
ඒකට කමක් නෑ
හොර ගොන් පොට් ටික වහන්න බැරි නම් නිකන් ඉන්න කියපන් ආණ්ඩුවට
ලියාපදිංචි ගණිකා වෘත්තියක් රටේ ඇති කරන්න ඉඩදෙන්න බෑ


ගණිකා වෘත්තිය රටින් අතුගාලා දාන්න බැරි නම් අඩුම ගානේ ඔය ඉන්න ගොන්නු ටිකට
කොන්ඩම් , උපත් පාලන ක්ර ම ගැන කියලා දෙන්න
ගණිකාවො ගාවට යන අයටයි මේ කියන්නේ
අනිවාර්යෙන්ම කොන්ඩයමක් පලදින්න



හැමවිටම මතක තියා ගන්න
ඔබගේ ලිංගික සබදතා සදාකල්ම විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න

නොදත් අගණන් පුදන කම්සැප
වනයි ඒඩ්ස් වලට අත





Friday, October 12, 2012

එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

මෙහි සදහන් වන සියල්ල මාගේ පෞද්ගලික අදහස් වන අතර ඒවාට එරෙහි වීම එකග වීම සංශෝධනය කිරිම ආදී දේ සදහා අවස්ථාව ඇත

උඹලා දන්න‍වනේ සිංහල ජාතියට වෙන්න යන විනාශය
දැන් සිංහල කොල්ලේ කියන්නේ හරියට බෝනික්කෝ වගේ උන් ටිකක්
ඒකට වග කියන්න ඕනි අපේ අධ්‍යාපන ක්‍රමයද ටෙලිවිෂන්ද කියන්න මං දන්නේ නෑ
දැන් ඉන්න කොල්ලෝ දන්නේ සැලුන් එකට යන්නයි ජිම් එකට යන්නයි විතරයි
අරුන්ව ගෙඩි පිටින් ආරාබියේ කාන්තාරයකට ගිහින් දැම්මත් වැඩක් නෑ බන්
අපේ උන් හැදෙන්නේ නැතුව


මං හිතන විදිහට අද ‍කාලේ කොල්ලෙකුට මං පහත කියන ඒවායින් බහුතරයක් වත් පුලුවන් නම්
උන්ට ජීවිතේ ජය ගන්න පුලුවන්


1. අවුරුදු 20 පිරෙනකොටම ලයිසන් ගන්න ඕනි
තුවක්කු ලයිසන් නෙවෙයි බන් කාර් වෑන් තීවිල් මෝටර් සයිකල් ලයිසන්
අඩුම තරමින් හදිස්සියට ලෙඩෙක් ගෙනියන්න පුලුවන් මට්ටම ඩ්‍රයිවින් පුරුදු වෙලා තියෙන්න ඕනි.

2. වාහන ගැන අඩුම තරමින් සුලු කාර්මික දැනුමක් හෝ තියෙන්න ඕනි
ටයර් එකක් මාරු කරගන්න
Plug එක මාරු කරගන්න වගේ දේවල් වත් පුරුදු වෙලා තියෙන්න ඕන

3. පබිලිස් සිල්වා වගේ බැරිවුනත් තමන්නට කන්න පුලුවන් මට්ටම උයන්න පුලුවන් වෙන්න ඕනි
එතකොට කාටවත් පජාති වෙන්න ඕනි නෑ
හදාගෙන කෑවා
බෝඩ් වෙලා ඉන්න උන්ට උයාගෙන කන එකෙන් අම්බනාකට සල්ලි ඉතුරු කරගන්න පුලුවන්

4.සුද්දෙක් වගේ නොවුනට යම්තම් හරි කඩ්ඩ පුලුවන් වෙන්න ඕනි
කථා කරන්නම නෙවෙයි පොඩි ලියුමක් වත් තේරුම් ගන්න පුලුවන් මට්ටමට අඩුමතරමින්

5.ස්කෝලේ යන කාලේ ඉදන් සුලු සුලු වට හරි හම්බ කරන්න ඕනි
මහා ලොකු බිස්නස් නෙවෙයි
පොඩි දෙයකින් පටන් ගනිල්ලා
ස්කෝලේ යන උන්ට පුලුවන් Film dvd , Cell phone වගේ බිස්නස් එකක් වත් කරන්න
කීය කීය හරි හොයාගත්තම බන් ඒක ගෙදරටත් උදව්වක්
දැන් රිසාල්ට් එනකන් ගෙවල් වලට වෙලා පඩ ඇර ඇර ඉන්න උන් නරකද අඩුම ගානේ ගෙවල් ගාව ගාමන්ට් එකක හරි රස්සාවට ගියහම
රස්සාවල් ඕනි තරම් බන්

6. අඩුම තරමින් අවුරුදු විසිතුන විතර වෙනකොට ලංකාවේ දිග පලල දැනගෙන ඉන්න ඕනි
පොඩ්ඩක හිටපන් කොහෙද මේ ටේප් එකත් උස්සන් යන්න හදන්නේ
දිග පලල දැනගෙන ඉන්න ඕනි කියන්නේ බන් ලංකාවේ 2/3 වත් කරක් ගහලා තියෙන්න ඕනි



හ්ම් දැනට හිතෙන විදිහට ඔච්චර
තව උඹලට හිතෙන විදිහට තව තව දාපල්ලා
සිංහල කොල්ලන්ගේ කොන්ද කඩලා බන් දැන්
හාමුදුරු වරු කියන්නේ සිල් රෙද්ද ඇදන් නවගුණ වැල ගනන් කරන්න කියලා
යකෝ නිවන් දකින්නත් අපිට රටක් ජාතියක් ඉතුරු වෙලා තියෙන්න ඕනි

Tuesday, October 9, 2012

අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්

අහිමි වුනු ආදරේට ලියමි

ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය
මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්
හීනෙන් වත් සිතුවේ නැති විදිහට 
අප ලං වුනා
ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස
ඒ දවස කෙතරම් ලස්සනද
ඔයයි මායි තනි වුන වාර අනන්තයි
ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න
මං පරිස්සම් වුනා
මං ඔයාව පරිස්සම් කලා
ඒත්...
මං මහ පොන්නයෙක්ලු
ඔයාව පරිස්සම් කරපු මං
වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
බලුපැටියෙක් හොයාගන්න එක
ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
ඔයා මේ පොන්නයව අත ඇරලා
සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා
ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ
ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්
අර සුපර්මෑන් එක්ක
රූම් ගානේ 
යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා
මං දෑහටම දැක්කා..
වේදනයි තමයි
ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා
ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා
ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා
අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්
ඒත් ඔයා....
අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා
දැන් අහන්න එපා කවුද කියලා
මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු
ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු
ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු
දෙවියෙනී
මං ගොඩක් ආදරේ කරපු ඔයා....
ඇයි මෙහෙම කර ගත්තේ...
මට තවත් ලියන්න බෑ ..
කදුලු වලට ඇස් බොඳ වෙලා....

අද දෙන්නයි යන්නේ



අම්මට හුඩු අකුණු ගහනවා
ගොරවනවා
බයත් හිතෙනවා
අදනම් නුගේගොඩට වහියි වගේ

ලැප් එක ඕප් කරලා සැප නින්දකට සෙට් වෙන්න ඕනි

මැද එක ඇයි බන් සුදු වෙන්නේ



මචං උඹලා දැකලා ඇති

ක්ලාස් වල
ස්කෝල වල

බස් ස්ටෑන්ඩ් වල
ලස්සන කෙල්ලෙක් හිටියොත් ගොඩක් වෙලාට ඒකිගේ යාලුවා කැත මගුලක්

එහෙම වෙන්නේ ඇයි බන්

අර ලස්සන කෙල්ලට කොල්ලෙක් නැති වුනාට
කලු මැට්ටිට කොල්ලෝ ඕනි තරම්



දුකයි සතුටයි හැමදේම

මචංලා
මීට අවුරුද්දකට විතර කලින් මං යාලුවෙකට වෑන් එකක් හොයන්න ර‍ට වටේ යනකොට මට මැකෑනික් කෙනෙක් සෙට් වුනා
මට මුලින් මුලින් පොරව දිරෙව්වේ නැති වුනාට පස්සේ ඌව අම්බානකට පිට් වුනා

මෙහෙම ටික කාලයක් ගිහින් මූ දාගෙන හිටිය ගරාජ් එක වහන්න වෙලා
මුගේ ජීවිතේ අම්බානකට චාටර් වුනා
එදා වේල කන්න නැති තත්ත්වෙකට මූ වැටුනා

ඒ දවස් වල මූට යාලුවෙක්ට කියලා හිටියේ මායි තව කිහිප දෙනෙක් විතරයි
අනිත් හැම එකාම මුගෙන් වෙන් වුනා

ඒ දවස් වල මූ සිගරට් එක පවා ‍බිව්වේ මගේ සල්ලි වලින්
මුගේ ජීවිතේ විනාශ වෙවී යනකොට මං කේන්දර බලනතැනකට මූව එකක්න් ගිහින් වත් පිලිවෙත් කලා
උඹලා විස්වාස කරපන්
කපුවා මහත්තයා කලින් මූව දැකලත් නෑ
ඒත් මුගේ කේන්දරේ ගත්ත ගමන් කීවා 
මේ වෙලාව අයිති කෙනා විශ්වකර්ම වැඩ කරන කෙනෙක්
අනිවාර්යෙන්ම වඩු මේසන් මැකැනිකල් වගේ රස්සාවක් කරන්න ඕනි
හැබැයි දැන් මේ දවස්වල පාරට වැටිලා ඉනේ රෙද්ද ගැලවෙන තරමට වැඩ සිද්ද වෙලා තියෙන්නේ කියලා


කොහොමහරි මම වියදම් කරලා පූජාවන් ඒ වත්පිලිවෙත් කලා


දැන් මූට රට‍ යන්න සෙට් වෙලා 
ගියර් බොක්ස් මැකැනික් කෙනෙක් විදිහට
මුගේ පඩිය පටන්‍ගන්නෙම අසූවකින්

නිහතමානි සතුටක් තියෙනවා බන් කෙනෙක් ගේ ජීවිතයක් ගොඩගත්තා කියලා
ඇත්තටම සතුටුයි.
ඒත් යාලුවෙක් වෙන්වෙලා යන එකට දුකයි
මූ ආයේ ලංකාවට එන්නේ තව අවුරුදු 3කින්