Friday, December 14, 2012

මතුරැකෙනා ශිල්පයමයි උගතමනා


පාලුව තනිකම යන්නත් එක්ක පොඩි කතාවක් කියන්න හිතුනා
ජොබක් නැතුව දගලන මාගේ යාලුවෙක් අද හම්බ වුනා
පොර ආර්ට් ඩිග්රියක් අරන් ඉන්නේ
දැන් කැම්පස් අවුටු වෙලා අවුරුද්දකට වැඩියි
තාම ජොබක් නෑ
මෑන් ගේ කතාව ඇහුවට පස්සේ මේ වගේ පොර‍ටෝක් තෙඩ් එකක් දාන්න හිතුනා
වෙනදා වගේම උදාහරණ ගන්නේ මං ගැනම ලොරි ටෝක් වලින්
නැත්නම් වැඩක් නෑනි බන්
හරි කතාවට බහිමු

දැන් කාලේ විදිහට මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

හැමදාම වගේ පොරටෝක් එකක් දෙන්නම්
මං මේ දවස්වල ප්ලෑන් කරන් යනවා 3d මොඩ්ලින් ඇන්ඩ් ඇනිමේෂන් කම්පැනි එකක් පටන් ගන්න ලාවට
අපේ අයිඩියා එක පිටරට කොම්පැනි වලට ඕනි මොඩල් / ගැපික් අයිටම් හදලා දෙන එක
මේක මට කරන්න අයිඩියා ‍ආවේ මං තීඩී සයිඩ් එක ගැන ඉ‍ගෙන ගන්න ටෙලිවිව් එකට ගියාට පස්සේ

ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නෑ
හැබැයි තව දෙයක් අපතේ නොයන දෙයක් තමා ඉගෙන ගන්න ඕනි
මේ දවස්වල රට යන හැටියට ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය සාහිත්‍යය වගේ දේවල් වලින් උපාධියක් ගත්තත් වැඩක් නෑ
ඒක නිසා අපි උත්සහගන්න ඕනි අලෙවිකල හැකි දැනුමක් ගන්න
ගොඩක් අය මාත් එක්ක මේ කාරනේ ට එකග නොවෙයි
ලබන අවුරුද්දේ උසස් පෙල ඉවර වෙනකන් ඉන්නේ යතුරුපැදි ඩීසල් හා පෙට්‍රල් වාහන වාහන අලුත්වැඩියා කරන පාඨමාලාවක් හදාරන්න
මොකද මං මේ දවස් වල කරන ව්‍යාපාරය අනුව ඒ ගැන ක්‍රමානුකූල දැනුමක් මට ඉදිරියේදි අවශ්‍ය වෙනවා

අද කාලේ විදිහට කුඹුරු කොටන්න ඉගෙන ගන්න කෙනාට මාර්කටින් ගැනත් ඉගෙන ගන්න වෙනවා
අපි උත්පත්තියෙන්ම කිසිම හැකියාවක් අරන් දෙන්නේ නෑ
මගේ දෙමාපියෝ මට පොඩි කාලේ ඉදන්ම සංගීත බාන්ඩ දුන්නේ නෑ
ඒක නිසා මට සංගීත බාන්ඩ ‍වාදනය කරන්න බෑ
මං ඒවා වාදනය කරන්න උත්සහ කලෙත් නෑ
ඒ වුනාට මං පොඩි කාලේ ඉදන්ම කැසට් රේඩියෝ ගැලෙව්වා
දැන් ඒවා ගැන දැනුමක් තියනවා

අපි මචං ක්‍රමානුකූලව පුරුදු පුහුණු වෙන දෙයක් තමයි අපිට පත්තියම් වෙන්නේ
ගොඩක් උන් කරන්නේ ආතල් එකට යාලුවෝ කරනවට කෑල්ල යනවට කෝස් කරන්න යනවා
ඉංගීසි කෝස් කරනවා
මැනේජ්මන්ට් කරනවා
ඒ අස්සේ පාමසි කෝස් එකකුත් කරනවා
හැමදේම අච්චාරු වෙලා

තමන් කලින්ම පෝකස් කර ගන්න තමන්ගේ දක්ෂතා තියෙන්නේ මොන මොන ෆීල්ඩ් වලද කියලා
එක ෆීල්ඩ් එකකට විතරක් හිර වෙන්න එපා
විවිධ කේෂත්‍ර වල දක්ෂතා හදා ගන්න
එතකොට‍ ජොබ් නැතුව දගලන්න ඕනි නෑ
අනික අද කාලේ කම්පැනි කාරයෝ රස්සාවට ගන්න හදන්නේ එක පුද්ගලයෙක් චරිත රැසක් තියන අය
ඒ කියන්නේ
අපි හිතමු
3d animator කෙනෙක් ඉන්නවා ඌ ඒ වැඩේට දක්ෂයි
ඒ වුනාට අදකාලේ කම්පැනි කාරයට ඕනි
ඌට 3d animation පුලුවන් වෙලා
තව මදි පාඩුවට කැමරාකරන්නත් පුලුවන් වෙලා
ඕනි වුන වෙලාවට රියදුරු වශයෙන් වැඩ කරන්නත් පුලුවන් වෙන්න ඕනි
ඒ අස්සේ නිවේදනය කරන්නත් පුලුවන්නම් එල

බලපන් කම්පැනිකාරයා බලන්නේ පුද්ගලයෝ දහයක් ඕනි වැඩ එක මිනිහෙක් ගෙන කරගන්න
ඒක නිසා අපි හැම අතින්ම දක්ෂ වෙන්න ඕනි

තෙඩ් එක පැටලුනාද මන්දා
හිතේ තියන දේවල් ලියන්න බෑ බන් අත රිදෙනවා

උඹලගෙත් අයිඩියා දාපන්
එලකිරියේ ඉන්වවෙන් කැම්පස් වල ඉගෙන ගන්න
ලොකු රස්සාවල් කරන අයියලා
එයාලත් තමන්ගේ අදහස් එකතු කරන්න

දැන්නම් නිදිමතයි
තෙඩ් එකේ අවුලක් නම් කියපල්ලා

රෙප් දෙනවනම් දෙන්න

හැමදාම වෙනස් වෙනස රැකියා වෙලදපොල ගැන අවධානයෙන් ඉන්න
අලුත් අලුත් රැකියා අවස්ථා බිහිවෙනවා
අපි හීනෙන් වත් නොසිතන රැකියා අවස්ථා බිහිවෙනවා

ඒක නිසා keep in touch

3 comments:

  1. hodai hodai danuwath kireema gana...

    ReplyDelete
  2. මමත් කියන්නේ අපි හැම අතින්ම දක්ෂ වෙන්න ඕනේ . ඔයා කියන්නේ ඇත්ත. අපට ලැබිය යුතු ගොඩක් අවස්ථා මේ නිසා මග හැරෙනවා...

    ReplyDelete
  3. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න