Wednesday, November 28, 2012

ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි

පහුගිය දවස මං ගිය එක් පන්තියක
ළමයෙක් සර්ට චිට් එකක් යවලා තිබුනා
ගනිකා වෘත්තිය නීති ගත කිරීම ගැන සර්ගේ අදහස අහලා

ඒක බලපු සර්


අපේ ළමයෙක් වැදගත් ප්‍රශ්නයක් අහලා තිබ්බා
එයා මේ රටේ විරැකියාවට විසදුමක් සොයාගෙන
බොහොම හොන්දයි ඒ දරුවගේ අදහස
දැන් බලමු අපේ ළමයි ඒ ගැන කියන්නේ මොකක් ද කියලා

ලෝකේ පැරණිම රස්සාව නීති ගත කරලා ඒ අයට විශ්‍රාම වැටුපක් එහෙම සකස්කරලා
ඒක පිලිගත්ත රැකියාවක් බවට පත් කරන්න කැමති අය අත් උස්සන්න කිව්වා


සර් පොඩ්ඩක් කොල්ලන්ව පෝර්ම් කරපු නිසා කොල්ලෝ ගොඩක් උන් අත් ඉස්සුවා
ඒක දිහා බලන් උන්න සර්


බොහොම හොන්දයි
ඔයාලා හරිම විශිෂ්ටයි
තමන්ගේ අදහස් නිර්භීතව ඉදිරිපත් කලා

ළමයිනේ මට හෙට නම් උදේ වරුවේ ගම්පහ පන්තියක් තියනවා
හවසනම් ෆී
කට්ටියම කතා වෙලා වෙලාව බෙදාගෙන
අම්මල ටිකව එවන්‍නකෝ සම්මුභ පරීක්ෂණයට
ආ තව එකක් රුපියල් 50ක් එවන්න ආරක්ෂිතකොපු ගාස්තු වශයෙන්



මේක කිව්වා විතරයි කෙල්ලෝ ටික කොල්ලෝ දිහා බල බල    
කරාලු
අත් උස්සපු කොල්ලෝ ටික මෙහෙමලු  


මෙතනදි සර් මේ කතාව කීවේ තමන්ගේ තියන අකමැත්ත ප්‍රකාශ කරන්න
මෙයා ගේ නම මම කියන්නේ නෑ
මේ වගේ කතා පන්ති ඇතුලේ කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

ළමායි මෙතන විවිධ ගුරුවරුන්ගේ නම් දාන්න එපා

3 comments:

  1. ලිංගිකත්වය කියන කතා නොකෙරෙන මාතෘකාව ගැනම (අපේ රටේ) කතා කරන්න ගත් නිසා වෙන්ට ඇති මයෙ හිතේ පින්තුරේ ඇස්වහල දාලා තියෙන්නේ..හෙහේ..බලමු තව ටිකක් කියවලා...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. සිංහල පන්තියක් වෙන්නැති මගෙ හිතේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete

සිතේ තියෙන දේවල් සිර කරන් ඉන්න එපා දැන්
අපිත් එක්ක බෙදා ගන්න